ජන්කුක්ගෙ ඇස් ඉස්සරහා හදටත් වඩා දීප්තියෙන් සුන්දරව ජීවමානව බැබලෙන ඔහු දිහාවටයි....


බෙල්ලටත් වඩා ටිකක් දිගට වැවුන කර්ල් සිල්වර් පාට කෙස් කලබ....
කලුවර අහසෙ පායපු හද දිහා බලන් ඉන්න ඒ ලා දුබුරු පාට ඇස්...
රෝස පෙත්තක් තරම් සිනිදු ඇති යැයි හිතන රෝස තොල්...
හංසයෙක්ගෙන් මැවුනාද සැක හිතන සිහින් පැහැපත් දිගු කකුල්..

ඔහු කවුද?ඔහු ඇදන් හිටියෙ සුදු දිග කමිසයක් විතරයි...

ඒ  සුදු කමිසයත් තෙතබරිතව ඔහුගෙ සිනිදු පබලු මෙන් පැහැපත් දිලිසෙන හම මතට ඇලිලා තිබුනේ ඒ මෝහනීය සුන්දර සිරුරේ හැම කර්වු එකක්ම හැම අගලක්ම විනිවිදව පේන ශර්ට් එක හරහා ජන්කුක්ගෙ ඇස් වලට හොදින් පෙන්නමින්..



ජන්කුක් ඔහු දිහා බලන් ඉන්නවා කියලවත් ඔහුට ගනනක් නැහැ .ඔහු ඒ තරමටම කලුවර අහසේ පායපු හද හා රහස් සිතුවිලි වලින් ගැටෙන කතාවක අතරමං වෙලා...



ජන්කුකුත් හිටියෙ වචනයෙන් කතාකරන්න බැරි මොහොතක් ගත කරමින්...

කිසිසේත්ම බලාපොරොත්තු නොවුන අමුත්තෙක් ඔහුගෙ කාමරයෙ බැල්කනි ගැට්ට මත ඇල අතට වාඩි වෙලා හද දිහා බලන් ඉන්නවා...

හීනි අඩි තියමින් ජන්කුක් ඔහු වෙතට ඇවිද්දා...

ආයෙමත් හැමුවේ සීතල හුලගක් සීතල හුලග ජන්කුක්ව වෙවුලලා හැරියත් මෝහනීය අමුත්තට නම් ඒ සීතල හුලග දැනුනෙවත් නැති තරම්....

ජන්කුක්ට විශ්වාස කරන්න අපහසු වුනා...ඔහු ඉස්සරහා මේ ඉන්නෙ මනුස්සයෙක්ද එහෙම නැත්තම් ඔහු තවමත් නින්දෙන් හීනයක් දකිනවද?


අමුත්තා ලගට හෙමින් අඩි තියපු ජන්කුක් නොහිතම අත දික් කරලා අමුත්තගෙ සිනිදු කම්මුලක් අතින් ස්පර්ශ කලා...ඔහු ජීවමානද ජන්කුක්ට දැනගන්න ඕන කලා.


සීතලයි...හොදටම සීතල ගැහුන ඒ කම්මුල් තුල නමුත් ජන්කුක්ට හිතාගන්න බැරි උනුසුමකුත් තිබුනා..

ජන්කුක්ගෙ අත් වල උනුසුම සීතල කම්මුල් වලට දැනෙද්දි හද දිහා බලන් හිටිය ඔහුගෙ ඇස් ජන්කුක් දිහාවට හැරුනේ මේ වතාවෙ වඩාත් හොදින් ඒ ඇස්  ජන්කුක්ට දැකගන්න පුලුවන් වෙද්දි..

Stolen Love Waar verhalen tot leven komen. Ontdek het nu