මොනාවුනත් තෙත සිල්ක් රොබ් එකෙන් හමන රෝස සුවද ජන්කුක් ව තව තව පුදුම කලා...


සිල්ක් රොබ් එකත් එක්ක කල්පනා ලෝකෙ අතරමං වෙලා හිටිය ජන්කුක් ආයෙමත් පියවි සිහියට ආවේ සීතල හුලගක් ආයෙමත් කාමරය තුලට හැමුව නිසා..

සීතලට මුලු ගතම අකුලගත්ත ජන්කුක් සිල්ක් රොබ් එකත් අතේ තියන් නැගිට්ටෙ බැල්කනි එක ලගට යන්න..


හුලගට වැනෙන සුදු කර්ට්න්ස් ජන්කුක් ගෙ අත් වල වැදි වැදි ආයෙමත් අනෙක් අතටත් වැනෙනවා...කර්ට්න්ස් අතින් අල්ලලා පස්සටකරලා ජනේලේ වැහුව ජන්කුක් හැරිලා ආයෙමත් නිදාගන්න යන්න සැරසුනත් අඩි දෙක තුනක් ඉස්සරහට ගියපු ජන්කුක්ගෙ කකුල් අතරමග නතර වුනා...

ඇස් පියාගෙන යමක් කල්පනා කරපු ජන්කුක් වේගයෙන් ඇස් ඇරියා...

පිටිපස්ස හැරෙන්නෙ නැතුවම ඔලුව හරවලා බැලුව ජන්කුක් හෙමින් වම් කකුල පිටිපස්ස කරලා මගින් හැරුනා..


කර්ට්න්ස් වලින් ආවරනය වෙලා තියන ජනෙල් වීදුරු ලග හිටගත්ත ජන්කුක් එක අතකින් කර්ට්න් එකේ කොනක් පැත්තකට කලේ ජනේලේ වහන්න කලින් ඔහු ඇස් අගින් යන්තම් දැක්ක ඒ දේ ඇත්තක්ද නැත්තම් ඔහු නිදිමතේ දැක්ක සිතුවිල්ලක්ද සැක හැර බලාගන්න ...


ජනෙල් වීදුරුව හරහා පේන බැල්කනි ගැට්ට උඩ සුදු පබලුවක
පැහැ වන් කකුලක පුංචි කොටසක් පෙනෙද්දි ජන්කුක්ගෙ හිතේ කුතුහලේ හොදටම වැඩි වුනා...


අත උස්සලා උස ජනෙලේ ලොක් එක බුරුල් කරපු ජන්කුක් ජනේලේ ඇරියේ ආයෙමත් සීතල හුලගට කර්ට්න්ස් එක දිගටම දෙපැත්තට වැනෙන්න පටන් ගනිද්දි..

ජන්කුක්ගෙ මුහුන ආවරනය කරමින් ඔහු ඉස්සරහා වැනෙන කර්ට්න් එක අතින් අල්ලලා මුහුනින් අයින් කරමින් ජන්කුක් බැල්කනි එක ට හෙමින් ඇවිද්දා...



කලුවර අහසේ පායලා තියන පූර්න හද වට කරගෙන තරු රටා පායලා තිබුනේ හද මොහොතකටවත් තනි නොකර..

ඒත් ජන්කුක්ගෙ අවදානය යොමු වුනේ ඒ හදටවත් කලුවර අහසේ පායපු තරු වලටවත් නෙවෙයි...

Stolen Love Where stories live. Discover now