නතර කරලා තියන කලු පාට වාහනෙ දොර වේගයෙන් ඇරපු තරමක් උස තරුනයා අනෙක් ඔහුගෙ ශර්ට් එකෙන් ඇදලා ඔහුව එලියට ඇදලා ගත්තෙ වේගෙන් කම්මුල් පාරක් ගසමින්..කම්මුල් පාරෙ සැරට මුහුන අනෙක් අතට හැරුන ඔහු කම්මුල අල්ලන් හිනාවුනේ තරමක් උස තරුනයගෙ කේන්තිය තව තව අවුස්සමින්.



"තමුන් ලැජ්ජ නැතුව තවත් හිනාවෙනවද ජියොන් ජන්කුක්...තමුන් මාව කොයිතරම් බය කලාද කියලා දන්නවද?මේ හැමදෙයක්ම
සෙල්ලමක්ද? "



ආයෙම වතාවක් ජන්කුක්ට ගහන්න අත උස්සපු තරුනයගෙ අතින් ඇදලා ලගට ගත්ත ජන්කුක් ඔහුව බදාගෙන හිනාවෙවී දෙපැත්තට වැනෙන්න ගත්තෙ ජන්කුක් ගෙ දරදඩු අත් වලින් ගැලවෙන්න බැරුව තරුනයා දගලද්දි ඒත් ටික වෙලාවක් දගලපු තරුනයා එහෙන්ම නිසොල්මන් වෙලා ජන්කුක් ගෙ ශර්ට් එක තද කරලා අල්ලගෙන නිහඩව හිටියේ ජන්කුක්ගෙ මුහුනෙ හිනාව තව තව වැඩින්කරමින්..


"සී මම දින්නා..මට මොනවා වෙන්නද? ජිමින් ඔයා කතාකරන්නෙ මම කවුද කියලා අමතක කරලා වගේනෙ...මාරයත් දෙපාරක් හිතනවා මං ලගට එන්න කලින්..එහෙම ලේසියෙන් ඔයාව දාලා යන්නෙ නැහැ මගෙ බබෝ..."

"ආහ් ආහ් ආහ් ආවු...."

ජන්කුක්ගෙ පපුවට අත මිට මොලවලා ගැහුව ජිමින් ජන්කුක් ව අහකට තල්ලු කරලා දැන්මේ ජිමින්ගෙන් බේරෙන්න අත් දෙක උඩට උස්සන් ජන්කුක් හිනාවෙද්දි..


"මාරයා? මාරයා ගැන නම් මම දන්නෙ නැහැ ජන්කුක් ඒත් එයාටත් එහා ගියපු කෙනා ඔයා එනකන් බලන් ඉන්නවා...ගිහින් වාහනයට නගිනවා..."

"හෝසොක් ඔයාට පුලුවන් නේද මේ කොල්ලව ගෙදර ගිහින් දාන්න..ආපහු වාහනයක් ගෙනියන්න පුලුවන් මානසික මට්ටමක නෙවෙයි එයා ඉන්නෙ..."

ජන්කුක්ගෙ අතින් ඇදගෙන යමන් ජිමින් අහද්දි හෝසොක් ඔලුව වැනුවා...ඒත් ආයෙමත් නවත්තපු තරුනයාගෙ වාහනේ ඇතුලට ඔලුව දාන්න ට්‍ර්‍යි කරන ජන්කුක්ගෙ ඔලුව පිටිපස්සට අතින් ගැහුව ජිමින් බලෙන්ම ජන්කුක්ව එතනින් ඇදගෙන ගියා..

ඒත් ජිමින් එහෙම හිතුවා විතරයි ..ජන්කුක් ජිමින් ඇදගෙන යදිද් එන්න තීරනය කරපු නිසයි ජිමින්ට ජන්කුක් ව ඇදගෙන යන්න පුලුවන් වුනේ..




Stolen Love Where stories live. Discover now