මෝටර් රථ දෙක දැන් එකිනෙක ගැටෙයි...දැන් ගැටෙයි....මේ විනාඩියෙ ගැටෙයි..වේදනාව දැනෙයි කියන බියෙන් වෙවුලමින් හිස හංගන් හිටිය තරුනයාට ඒත් ඒ කිසිවක්ම දැනුනේ නැහැ .ඒ වෙනුවට ඔහුට ඇහුනේ තදින් රෝද ඇතිල්ලිල්ලා යන සද්දයක්....



"හේයි බ්‍රෝ...."


වාහනේ බිදිලා තියන වීදුරුවට තට්ටු කරන හඩක් ඇහෙද්දි බියෙන් වෙවුලමින් හිටිය තරුනයා හෙමින් ඔලුව උස්සලා ඉස්සරහා බැලුවා .ඒත් ඔහුගෙ වාහනෙ ගැටෙන්න ඔන්න මෙන්න ලං වුන මෝටර් රථය පේන්න තිබුනෙ නැහැ..

"කාවද හොයන්නෙ මාවද? "

තරුනයව සීට් එකෙන් පස්සට විසික් වෙලා ගියත් පැලදගෙන ඉන්න සීට් බෙල්ට් එක නිසා ඔහු එක තැනම හිර වුනා..

නතර වුන තමන්ගෙ වාහනේ දකුනු පැත්තෙන් ගෙනත් නතර කරලා තියන අනෙක් වාහනේ තරුනයාගෙ වාහනේ ඉස්සරහා වීදුරුවට එක ලගට ගැලපෙන සමානම දුරින් නතර කරලා තිබුනා...

වාහනෙන් එලියට ඔලුව දාගෙන විසිල් ගගහා තරුනයා දිහා බලන් ඉන්න ඔහුගෙ ඇස් දකිද්දි තරුනයා තව තව බියෙන් වෙවුලන්න ගත්තා..


"නයිස් කාර්....අපරාදෙ කියලා හිතුනා..."

ඇරුන වීදුරු දෙක හරහා තරුනයගෙ වාහනෙ ඇතුලට ඔලුව දැන්ම ඔහු වාහනේ පුරා ඇස් ගෙනියමින් හිනාවුනේ මේ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද කියන බැල්මෙන් තරුනයා ඔහු දිහා බලන් ඉද්දි..


"ඔ...ඕ....යා ක...වුද? "

"ආහ් මම? ශිට් රේස් එක පටන් ගන්න කලින් මම කිවුවේ නැද්ද?"

"මගෙ නම ....."


තරුනයට උත්තර දෙමින් ඔහු ආයෙමත් වාහනය රේස් කරන්න පටන් ගත්ත නිසා ඔහු කියන දෙයක් තරුනයට ඇහුනේ නැහැ .ඔහු එහෙම කලේ උවමනාවෙන්මයි. බය වෙලා ඉන්න කොල්ලගෙන් ඔහු වින්දනයට පත් වෙනවා..


ඒත් ඔහුගෙ විනෝදයට බාදා කරමින් නතර කරලා තියන වාහන දෙක ලගට ඇවිත් තවත් මෝටර් රථ පේලියක් නතර වුනා..


"යූ මදර් ෆකර්...අතාරිනවා හෝසොක් අද මම මූට ..."


නතර කරපු මෝටර් රථයකින් බැස්ස තරමක් උස තරුනයෙක් නතර කරපු මෝටර් රථ දෙක දිහාවට වේගයෙන් ඇවිද්දේ තරමක් උස තරුනයාව පාලනය කරගන්න පිටුපසින් හෝසොක් කියන තරුනයා දුවන් එද්දි..


Stolen Love Waar verhalen tot leven komen. Ontdek het nu