🌟 හැට තුන්වන මතකය 🌟 [Bonus]

520 87 6
                                    

පෙර කොටසින් 👇
බනි එයාගෙ තොල්වලට ඇඟිල්ලෙන් තට්ටු කරද්දි බෝ ඇස් වලින් කිව්වා පාත් වෙන්න කියලා. බනි බෝගෙ තොල්වලට පාත්වෙද්දි දෙන්නම එකතුවෙලා කිස් කරන්න පටන් ගත්තා.

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

අද බෝගෙ බයික් රේස් එකක්... බනි බබාලා දෙන්නයි ඒක බලන්න ආවා. ආපු වෙලාවෙ ඉදන් චුං චුං ඩැඩාව හොයනවා. මෙයාලට වෙන් කරලා තිබුනෙ VIP පැවිලියන් එක... බබා බනිගෙ අතේ ඉදන් දඟලනවා.

"දැදා දැදා දැදා ඕන.... ම්හ් ම්හ්"

"දැන් එයි මැණික ඉන්න..."

එතකොටම බෝ චේන්ජ් කරගෙන ආවා.

ආපු ගමන් බබා පැන්නා බෝගෙ අතට... ඇස් ලොකු කරගෙන බෝ දිහා බලන් ඉදලා

"බය හිතෙනෝ"

"ඒ ඇයි"

"අදුලන්න බා දැදාව"

අර දෙන්නට හිනා... චුපූ නලල රැලිකරගෙන බෙල්ල උස්සගෙන බෝ දිහා බලන් ඉදලා

"පුතාව මතක නෑ හුම්"

"ඕ..... නෑ නෑ එහෙම නෑ මතකයි..."

එහෙම කියන ගමන් බෝ හැදුවෙ එයාවත් වඩාගන්න. බෝගෙ අත ගසලා දාපු බබා

"ඕන්නෑ... පුතා දිහා බැලුවෙත් නෑ"

එයා තරහාවෙලා බනිගෙ පිටිපස්සට ගියා. යාලු කරගන්න හැදුවට හරි ගියේ නෑ... වෙලාව හරි නිසා බෝ බබාව බනිට දීලා බබාවයි බනිවයි ඉබලා චූපු එපා කිය කිය දඟලද්දි බලෙන්ම ඉබලා ගියා. රේස් එක පටන් ගනිද්දි බනි බබාලා දෙන්නත් එක්ක බලන් ඉන්න පටන් ගත්තා. චුපූ බෝගෙ බයික් number එකයි බෝගෙ නමයි සේරම කිය කිය කෑගහනවා. එයාට සතුටුයි එයත් හරි ආසයිනෙ රේස් පදින්න... අන්තිමට බෝ තමයි ජයග්‍රහකයා උනේ... බනිටත් හරි සතුටුයි. බෝ එනවා දැක්ක ගමන් චුපූ දුවලා ගිහින් කරට පැන්නා. තරහා සේරම අමතකයි. බෝව රතුවෙලා මහන්සියට... ඒ අතරෙත් fansලා බෝට wish කරනවා. Photos ගන්නවා. අමාරුවෙන් එතනින් ගැලවිලා මෙයාලා changing room එකට ආවා.
.
.
.
.
.
"ගා..... මතත් ඕනෝ..."

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now