🌟 හතලිස් පස්වන මතකය 🌟

679 115 91
                                    

පෙර කොටසින් 👇
බනි පිස්සුවෙන් වගේ ඇඳ බැලුවෙ phone එක හොයන්න... ඒත් බෝ line එකේ නෑ... තාත්තා කියපු දේත් එක්ක දැනුන සතුට එක්ක ඒ ගැන බෝට කියන්න කොච්චර call ගත්තත් msg දැම්මත් බෝගෙන් කිසිම reply එකක් ආවෙ නෑ.

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

බෝට පිස්සු වගේ මහ හිස්බවක් හිතට දැනෙන්නෙ... නිදාගන්න හැදුවට නින්ද යන්නෙත් නෑ... හෙට තියෙන වැඩ සේරම cancel කරලා දැම්මා. බනි කියන්න තියෙන දේ කියලා msg දැම්මා බෝ ඒ එකක්වත් බලන්නෑ. calls answer කරන්නෑ. වෙන අයට කියලා කරදරයක් වෙන්න හිතෙන්නෙත් නැති නිසා බනි තනියෙම බෝට කතා කරන්න try කරා... ඔහොම කල්පනා කර කර ඉන්නකොට බනිට land line එක ගැන මතක්වුන නිසා ඒකට call එකක් ගත්තා. ඒත් බනි කියලා දැන ගත්ත ගමන් බෝ cut කරලා දැම්මා. අන්තිමට බෝගෙ තාත්තිට කතා කරා...

"අනේ... තාත්තේ... answer කරන්නෑනේ ඇයි ඒ..."

තාත්ති: පුතේ අඬන්න නැතුව මොකද්ද උනේ කියන්න

බනි ඇඬිල්ල පැත්තක දාලා බෝගෙ තාත්තිට වෙච්ච හැමදේම කිව්වා... තාත්තිට හිනා බනිට පුදුමයි තාත්ති හිනාවෙනකොට

තාත්තා: ඔච්චර හිතන්න එපා පුතේ... ඉන්න බැරිවුනාම answer කරයි...

"තාත්තෙ chance එක හම්බුනවෙලාම ඇයි ඔහොම... මං මැසේජ් වලිනුත් කිව්වා ඒවා බලන්නෙත් නෑනෙ මේ මෝඩයා..."

තාත්තා: පුතේ මට පොඩි වෙලාවක් දෙන්න

"හා තාත්ති"

තාත්ති call එක cut කරලා හිනාවෙවී ගානක් නැතුව බෝට call එකක් ගත්තා. ඒකනන් පටස්ගාලා answer කරලා

"තාත්ති දන්නවද වැඩක් ජාන් මාව අමතක කරනවලු... මට බලෙන් තියාගන්න බෑනෙ මං පැත්තකට වෙලා ඔලුව හැරුන අතේ යනවා... ඒක නේද හොඳ හිතෙන හිතෙන හැමදේම කරනවා... අනිත් උන් කරන සේරම කරන්න පටන්ගන්නවා... ඇයි හිනාවෙන්නෙ"

තාත්ති: දැන් උබට ජාන්ව එපාද? අන්න ජාන්ගෙ තාත්තා වෙලාවක් දීලා අද රෑ දොළහට ඉස්සෙල්ලා එනවද නැද්ද කියලා නොකිව්වොත් ජාන්ගෙ marriage එක හෙටම තීන්දු කරනවලු

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now