🌟 හතලිස් තුන්වන මතකය 🌟

731 129 96
                                    

පෙර කොටසින් 👇
බනි බෝගෙ උඩි තොල යටි තොල මාරුවෙන් මාරුවට කිස් කරද්දි මොහොතක් ඒ පහස තනියෙන් විදලා තමයි බෝත් බනිට එකතුවුනේ... ගොඩ වෙලාවකට පස්සෙ තොල් අතෑරලා ඇස් දිහා බලාගෙන ඉන්නකොට එකපාරට පොදයක් ගහන්න ගත්ත නිසා බෝ බනි දුන්න gift bag එක අතට ගන්න ගමන් බනිවත් තුරුල් කරගෙන පහලට දිව්වා.

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

අලුත් දවසක ආරම්භයත් එක්ක කූවාන්ගෙ wedding එක අද දවසට යෙදුනා. බෝ බනි දෙන්නා උදේම පිටත්වුනා. කුවාන්,බෝ,බනි ඔය තුන් දෙනාම ලෑස්තිවුනේ එකම තැන මෙයාලා boys salon එකක වෙද්දි ඒකෙම girls salon එකේ තමයි චුඕ,මියෑන්, නිකි හැඩවුනේ...

කුවාන්ට දෙන්නා එක්කම උදව් කරලා කුවාන් hiar style ඒවට වාඩිවුනාම.. බනි ලෑස්තිවෙන්න room එකට යන්න හදලා

"බෝදි ඔයා යනවද?"

බෝ හිනාවක් දාගෙන එයාගෙ කිට් එකත් අතේ එල්ලගෙන බනි ලඟට ඇවිල්ලා

"යං යං අපි එකට"

බනිට කතා කරන්න හම්බුන්නෑ බෝ බනිවත් ඇදගෙන room එකට ඇවිල්ලා දොර වැහුවා.

"දැන් මගෙ මූණ දිහා බලන් ඉන්න නෙමෙයි අදින්න..."

"බනි බබා අන්දවන්නකෝ..."

"මොකා... චූටි බබෙක්ද ආ..."

නහයෙන් අඬන නිසා බේරෙන්න බැරිම තැන බනි ලෑස්තිවුනේ බෝව ලෑස්ති කරවන්න. ඇදන් හිටපු ටී එකයි කලිසමයි ගලවලා දාලා ශෝට් එක පිටින් බලන් ඉන්නවා බනි අන්දවනකන්... බෝව ඇඳෙන් වාඩිකරවලා කලිසම පාත් කරලා ඇල්ලුවට මූණ හරි නෑ.

"ඇයි?"

"ඔහොම බෑ කිස් දීලා අන්දවන්න ඕන"

බනිට හිනා හරියට අර බබාලා වගේ... බනි කම්මුලක් තද කරලා මිරිකලා

"ම්.... හලි ඉන්නකෝ...."

එහෙම කියලා බෝගෙ කකුල් දෙක කිස් කරලා

"හලිද දැන් අදිමුද ම්..."

"හම්"

මූණෙ මල් හතයි මනමාල හිනාවයි දෙකම එකතුවෙලා... කලිසම උඩට උස්සන්න නැඟිට්ටම ශර්ට් එක අන්දන්න ඉස්සෙල්ලා බෝ පෙන්නන පෙන්නන තැන් කිස් කරලා පිටත් කිස් කරලා ඒකත් අන්දවලා බට්න්ස් දලා කලිසමෙත් බට්න් එක දාලා ශිපර් එකත් දානකන් හරි ඕන කමින් බලන් ඉන්නවා. බනි හිනාව හංගගෙන කලිසමට ශර්ට් එකත් යට කරලා සපත්තුත් දාලා බෙල්ලට බෝ එකත් දාලා blazer එකත් දැම්මා.

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now