🌟 හතලිස් හත්වන මතකය 🌟

515 101 43
                                    

පෙර කොටසින් 👇
බෝ phone එක කට් කරලා ඇඳට විසික් කරපු පාර phone එක බිත්තියෙ වැදිලා ඇඳට වැටුනෙ... එහෙම්මම ලෑම්ප් එක off කරගෙන මුනින් අත ගහලා නින්දට වැටුනා. ඒත් බෝට එලිවෙනකන් හරියට නින්ද ගියේ නෑ.

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

උදේ බෝගෙ තාත්ති ගෙදර යන්න පිටත්වුනා. ඒ වෙලාවෙ බනිගෙ තාත්තා බෝට කතා කරලා ගෙදර එන්න ඕන වෙලාව කිව්වා. ඒකට හා හුම් ගාලා බෝ ආයි phone එක පැත්තකට දාලා gym එකට ගිහින් හිතේ තරහටයි දුකටයි වැඩියෙනුත් එක්ක සෙල්ලම් කරලා එනකොට බනිගෙන් miss calls ගොඩයි. කට පැත්තට කරලා දැක්කෙ නෑ වගේ ගිහින් නාගෙන ආවෙ ලෑස්තිවෙන්න. කලිසම ඇදගත්තා විතරයි බනිගෙන් call එකක් answer කරලා speaker on කරලා phone එක පැත්තකට දාලා

"මොකද?"

බනි සද්ද නෑ... බෝ කතා කරපු විදිය හරි ගියේ නෑ.. එහෙම කතා කරද්දි තරහයිත් එක්ක... හොඳ හුස්මක් අරගෙන

"මොකද?"

"මේ සද්දෙ දාන්න එන්නෙපා හරිද"

"මටත් සද්දෙ දාන්න එන්නෙපා හරිද"

"මොකටද ගත්තෙ ආ"

"මොකටද answer කරේ ආ"

"Call එකක් ආව නිසා answer කරේ.."

බනිගෙ කටහඬ වෙනස් බිඳුනු හඬකින්

"එන්නැද්ද මාව එපාද කියන්න"

"නෑ එන්නෑ"

"ඔහොම ලොකුකමට ඉදලා මාව නැතිවුන දවසට තේරෙයි"

"හහ් මට කමන්නෑ"

"ආ... එහෙමද එහෙනන් මේක නවත්තනවා තවත් මාව අඬවන්නැතුව"

"දැන් කවුද අඬන්න කිව්වෙ ආ... මාව අල්ලන්න එන්න එපා ඕවට හරිද"

"..........."

"එදා ඔහොම දෙයක් මට නොකියා ගිහිපු නිසානෙ ඔය සේරම තනියෙන් ගියා වගේම තනියෙන්ම ඉතුරුටිකත් කරගන්නවා"

"ඉතින් තාත්තා.."

"තාත්තා තාත්තා ඉවරයක් නෑ.. තාත්තව ඕන නිසානෙ මාව දාලා ගියේ ඉතින් තාත්තත් එක්කම ඉන්නවා"

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now