🌟 හැට එක්වන මතකය 🌟 [Bonus]

644 110 26
                                    

පෙර කොටසින් 👇
බෝට පිස්සු වගේ... මතකේ ඉල්ල ඉල්ල තනියෙන් කෑගගහා string wheel එකට අතින් ගහන ගමන් ඔලුවත් ඒකෙ ගහ ගහ යන බෝ ඇස් වලින් කඳුලු බේරෙද්දි මතකෙ දෙන්න කිය කිය කෑගහනකොට එයාගෙ අතින්ම වෙච්ච මිස් එකත් එක්ක වේගෙන් ගිය වාහනේ පාරෙ අයිනෙ තියෙන බාර් එකේ ගිහින් වැදිලා කිලෝමීටර් දෙකක් විතර ඉස්සරහට ඇදිලා ගිහින් නතරවුනා.

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

පොලීසියෙන් තමයි බෝව හොස්පිටල් එකට ගෙනල්ලා තිබුනෙ ඒක hot news එක වෙනකොට බනි එලිවෙලා තමයි ඕක දැනගත්තෙ.... රෑ අක්කයි ශුවානුයි ඇවිල්ලා බනිව ගෙදර අරං ගියා. එතකොට මේ ගැන එයාලා දැනගත්තත් බනි හොඳ සිහියෙන් නෙමෙයි හිටියේ... ඒ ගැන දැන ගන්නකොට බනි හිටියෙ rooftop එකේ ඒක දැකලා අක්කව හොයාගෙන කලබලේට පහලට බහින්න ගිහින් බනිව අන්තිම පඩි හතරෙදි පැටලිලා වැටිලා කකුල උලුක් උනා. ඒකට බෙහෙත් කරගෙන ආවත් බනිට ඒ වේදනාව මතක නෑ කියෙව්වෙ බෝ ගැනමයි.

බෝට තාම සිහිය නෑ. Doctors ලා කිව්වෙ ගොඩක් දුරට වෙලා තියෙන ශොක් එකත් එක්ක බෝට එයාගෙ නැතිවෙච්ච මතකෙත් එක්ක සිහිය එයි කියලා. දැන් බෝ බනි දෙන්නම ඉන්නෙ එකම හොස්පිටල් එකේ... බෝව බලන්න යන්න පුලුවන් ලඟම අයට විතරයි. අම්මියි, තාත්ති විතරයි ඇතුලට ගියේ... බනිට යන්න ඕන උනත් එයාගෙ පවුලෙ අය ඒකට ඉඩ නොදුන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. බබා බනිගෙ රූම් එකේමයි. දෙන්නත් එක්ක එකතුවෙලා ඩැඩාට ඉක්මන්ට මතක් වෙන්න ඉක්මන්ට සිහිය එන්න ඕන කියලා හිත හිත දෙන්නා හොරෙන් ඇඬුවා. දවස් ගෙවිලා යද්දි බෝට හරියටම සතියකට පස්සෙ තමයි සිහිය ආවේ. ඔලුව වටේම බැන්ඩේජ් කරලා වම් අතට ඩැමේජ්වෙලා එච්චරයි තුවාල වෙලා තියෙන්නෙ... කිව්වා වගේම සිහිය එනකොට බෝ මිමිනුවෙ බනි බනි කියලා. බෝගෙ ඇස් දෙපැත්තෙන් කඳුලු බේරිලා ගහලා තිබ්බ machine අයින් කරනකොට බෝ බනිගෙන් සමාව ඉල්ලලා අඬන්න ගත්තා.

සිහිය ආපු වෙලාවෙ ඉදන් තාත්තිගෙන් බනිවම ඉල්ලනවා. අම්මි සද්දයක් නෑ....

"තාත්ති... අම්මි... ඇයි ඔයාලා කතාවක් නැත්තෙ... බනි කෝ එයා ආවෙ නැද්ද මාව බලන්න ආ... එතකොට මගෙ දරුවා කෝ"

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Kde žijí příběhy. Začni objevovat