🌟 දෙවන මතකය 🌟

1.2K 196 71
                                    

පෙර කොටසින් 👇
රෑට කෑමත් අරගෙනම තාත්තයි, පුතයි ගෙදර ආවා. ගිහිපු ගමන් බනි පරණ ඇඳුමක් දාගෙන බබාව wash දම්මලා, ඇඳුම් අන්දන්නවලා එයාට කාටුන් එකක් දාලා දීලා කිරි එකකුයි බිස්කටුයි ළඟට දීලා පටන් ගත්තෙ කොනක ඉඳන් ගේ අස් කරන්න.

🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷

රෑට කෑමත් කාලා පහල lights සේරම off කරලා දොරවල් එහෙම lock කරලා room එකට ඇවිත් ඇඳ එහෙමත් හදලා බාබාව ඇඳෙන් තියලා බනි ගියේ wash දාන්න. Wash දාගෙන එනකොට බාබා ඉන්නවා ටෙඩියෙකුත් බදාගෙන පැහිච්චකමට, බනි රෑ ඇඳුමක් ඇදගෙන lights off කරගෙන ඇඳට ආපු ගමන් බාබා බෝල ගෙඩිය වගේ ආවා පාපාගෙ උකුලට. බනි ඉන්නෙ ඇඳට හේත්තුවෙලා බාබා ඉන්නෙ පාපාගෙ වටේ කකුල් දාලා පපුවට තුරුල්වෙලා ටෙඩිව අස්සෙ තියාගෙන දකුණු අතේ මපට ඇඟිල්ල කටේ දාලා උරනගමන් ඇස් පියාගත්තා. එයා හැමදාම ඒ ඇඟිල්ල උරනවා ඒක පුරුද්දක් දැන්, බනි බාබාගෙ ඔලුව ඉඹලා ඒ සිනිඳු කෙස් අතරින් ඇඟිලි යවන ගමන්,

🐰: චුපු පැටියෝ..... රෑට චූ බල ආවම පාපාට කතා කරන්න ඕන හරිද

බාබා ඒ විදියටම ඉන්න ගමන්ම ඔලුව වැනුවා.

"Good baby දැන් දොයියන්න මගෙ පැටියා.... "

ඔලුව උස්සලා ඔලුව වනලා පාපාට උම්මා එකක් දීලා ආයි තුරුල්වෙලා ඇඟිල්ල කටේ ගහගෙන ඇස් පියාගත්තා. ඒ එක්කම සුලු මොහොතකට බනිගෙ මතකය දිව ගියේ ඒ සුන්දර අතීතයට

🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖

අතීත මතක

ඒ දවස්වල මං China වල ඉන්න කාලේ එතකොට මට වයස අවුරුදු 26යි. එදත් හැමදාම වගේ පුරුද්දට මං උදේම ඇහැරිලා, වොෂ් දාගෙන අම්මා හදපු කිරි එකත් බොන ගමන්, මං මේ ලෑස්ති වෙන්නෙ මං ලියන කතාවෙ ඉතුරු ටික ලියන්න අපේ ගේ වැඩිය ලොකු ගෙයක් නෙමෙයි අපි ලොකු සල්ලිකාරයොත් නෙමෙයි සාමාන්‍ය මිනිස්සු අපේ තාත්තා මෙහෙ ඉස්කෝලේ ප්‍රින්සිපල්, අම්මා එහා ටවුමෙ ඉස්කෝලේ මියුසික් ටීචර් කෙනෙක්, අක්කා Dancing Academy එකක් කරනවා. ඉතින් සතියෙ දවස් වලට ගෙදර කවුරුත් නෑ. තාත්තයි ,අම්මයි, අක්කයි, මායි තමයි පවුලේ ඉන්නේ ඉතින් මං අපේ ගෙදර එළියෙ වැරැන්ඩා එකේ පැත්තෙන් ලී බංකුයි, ලී වලින් හදපු ලස්සන මේසෙකුයි තියාගෙන ඉන්නේ මගේ ලියන වැඩ වලට මොකද කාමරේ වගේ නෙමෙයි එතන හුළං වැදි වැදි හරි නිදහසේ ලියන්න පුළුවන් මං ආසම ස්භාවික පරිසරය විඳිමින් ලියන්න. ඉතින් එතන ලොකු plum මල් ගහකුත් තියෙනවා. කාලෙකට මල් පිරිලා මල් වැටිලා විනාසයි..... හැමදාම මං ඒවත් අතුගාලා අස්කරලා කරලා තමයි වැඩ පටන් ගන්නේ මං අදත් උදේම ඒ ටික කරලා මේ ලෑස්ති වුනේ ලියන්න ගන්න. අනේ ඒත් මට මතක් වෙන්නේ මගේ අතින් වුන ලොකු වරදක් ඒක වෙලා දැන් දවස් දෙකක් වෙනවා මං නිසා මං ගොඩක් ආදරේ කරන කෙනෙක් සමාජයට ලොකු විහිලුවක් වුණා. ඒ මං කරපු වරදකට, ඉතින් මට නඩු දැම්මත් මදි, ඒත් මං ඒක හිතලා නෙමෙයි කරේ. මේකයි උනේ අර වන්ග් ඊබෝ කියන actor..... මං එයාට පුංචි කාලේ ඉඳලම හරි ආසයි. එයාගෙ films, dramas, ridings, dancing ,singing එතකොට programs, interviews ඔය හැම එකක්ම මං එකක් නෑරම බලලා තියෙනවා. මං එයාට පුදුම ආසයි. ඒ ඇයි කියන්න මටවත් හිතාගන්න බෑ. මං එයාට මොකද එච්චර ආස උනාද මන්දා. මං එයාගෙ ෆෑන් කෙනෙක් හැබැයි මට දැන් දැන් හිතෙනවා මං ඔයාට ආදරේ කරනවද කියලා ඒත් ඒක සම්මතයක් නෙමෙයි කොල්ලෝ දෙන්නෙක්, අනික මං වගේ දුප්පත් කොල්ලෙක්ට එයා වගේ කෙනෙක් කැමති වෙයිද, අනික එයා වගේ කෙනෙක්ට මාව ගැලපෙනවද නෑනේ.... මගේ හිතට දැනුන හැඟීම් යටපත් කරගෙන මං මං ගැනම ලැජ්ජ වුණා. ඒක නිකන් විහිලුවක් වගේ නේද... මිරිඟු පස්සෙන් දුවලා මොකටද, ඒත් මට එයා ගැන මගේ හිතේ තියෙන අදහස අකුරු කරන්න ආස හිතුනා. ඉතින් ඒ නිසා මං නමක් ගමන් සදහන් නොකර එයා ගැන මගේ හිතේ තියෙන හැම හැඟීමක්ම එයාව මං මුලින්ම අදුරගත්ත, දැක්ක විදිය, එයාව මට දැනෙන විදිහ, එයාගෙ චරිතෙ ගැන, එයාගේ හැකියාවන්, මගේ හිත පිස්සු වැටුන ඔයාගේ රූපේ ගැන, ඒ හිනාව මං ආස වුන එයාගෙ හැම ඉරිව්වක් ගැනම, මං දැකපු එයාගේ හොඳ ගතිගුණ ගැන, එයාගෙ කරුණාවන්ත හිත ගැන මං දන්න තරමින්, ඒ හැමදේම අකුරු කරා. ඒත් මට නොදැනීම එයා මගේ ජීවිතයට ආවේ කොහොමද, මගේ ජීවිතේ එයාට තියෙන තැන මොකක්ද, ඒ සේරමත් මගේ අතින් ලියවිලා. මං ඒ අදහස් පෑනෙන් ලිව්වත් පස්සේ මගේ ෆෝන් එකේ ටයිප් කරා. ඒත් මං නොදැනුවත්ව එක තැනක එයගේ නම කියවිලා. ඒ මං ටයිප් කරපු ලිපිය ගොඩ කාලයක් මගේ ෆෝන් එකේ තිබ්බා. ඒත් දවසක් ඒක මගේ අතින් පෝස්ට් වෙලා. මං අදටවත් දන්නෑ ඒක කොහොම වුණාද කියලා. මගේ අතින් ඒක පෝස්ට් වෙලා පැය දෙකක් යන්න හම්බුන්නෑ. ඒ ලිපිය social medias වල හිට් වෙලා. මං හීනෙන්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. අනික ඒක වැටිලා තියෙන්නෙත් අපේ BL group එක හරහා... ඒක හරියට BL story එකක් වගේ... මං ඒ විදියට තමයි ඒක ලිව්වේ ඒත් වරද වුනේ ලියපු මම එයාගෙ නම සදහන් කරලා එයාට ආදරේ කරන විදියට ලියපු එක. මං පස්සෙ online යනකොටයි මේ වෙච්ච දේ ගැන දැක්කේ, ඒ එක්කම මට යාලුවොත් call කරලා මේ ගැන කිව්වා. එකපාරටම මගේ දේලෝ රත් වුනා. මගේ නමත් එක්කම හැම තැනම ඒ ගැන විස්තර තියෙනවා. ටිකකින් මට එයාගෙ ඒජන්සි එකෙන් කෝල් එකක් ආවා. මං දන්නෑ එකෙන් කියලා නම්බර්ස් කොහෙන් හොයාගෙන දන්නෑ. මාව රත් වෙලා ගියා ඒ ඒජන්සි එකේ නම කිව්වම, එයාලා මට කිව්වේ කරුණාකරලා ඒ පෝස්ට් එක අයින් කරගන්න කියලා. ඇත්තටම මට ඇඬුණා මං අඬ අඬම හා කියලා එයාලගෙන් සමාව ගත්තා. ඒත් එයාලා මං කියන හැමදේම අහගෙන ඉන්න ලෑස්ති වුණේ නෑ. මං අඬම පස්සේ ඒ පෝස්ට් එක ඩිලීට් කරා. මට දැනුනේ මං ගැනම තරහක්, පසුතැවීමක් මං නිසා මං ආදරේ කරන කෙනාටම මේ වගේ දෙයක් වුණා කියන්නේ.... ඒත් එයාලටනම් මේවා සාමාන්‍ය දේවල් වෙන්නැති.

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now