🌟 තිස් හත්වන මතකය 🌟

812 162 205
                                    

පෙර කොටසින් 👇
ඇඳේ නිදාගෙනත් අපි දෙන්නා තුරුල් වෙලා ඔහේ හිටියා නිදිමතක් ඇත්තෙම නෑ. වෙලාව පාන්දර පහත් පහුවෙලා ඊටපස්සෙ දන්නෙත් නෑ අපේ උණුහුමේම අපිට නින්ද ගිහින්..

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

⚘වර්තමානය⚘

බෝ ඇතුලට ආවාහම මං දොර වහලා දැම්මා. මං දොර පැත්තට හැරිලා ඉන්න ගමන් කල්පනා කරේ කියන්න තියෙන දේවල් කොහෙන් පටන් ගන්නද කියලා. අනික එකපාරට ඒ වගේ දෙයක් කියන්න පටන් ගන්නෙ කොහොමද මං ගැන මොනවා හිතයිද...

"බනි..."

මං කියන දේවල් එයා පිලිගනි නේද... මටනන් පිස්සු වගේ දැන්.. එයා උඩට ගියාද දන්නෑ යන්න ඉස්සෙල්ලා නවත්තගන්න ඕන එහෙම හිතලා මං හැරෙන්න හදනකොටම මගෙ අතට දැනුන ස්පර්ශෙත් එක්ක මං ටක්ගාලා අත දිහා බැලුවා. එයා මං ලඟ මගෙ අතින් අල්ලගෙන එයාගෙ පැත්තට හරවන ගමන්

"බනි මොනවද ඔය කල්පනා කරන්නේ..."

පුදුමයි එයා මගෙ අතින් ඇල්ලුවා මගෙ කන් දෙකත් හිරිවැටුනා. මං ලාවට හිනාවෙලා කනක් අල්ලන ගමන් මුකුත් නෑ කියන්න ඔලුව වැනුවා.

"පුතා නිදිද"

"හම්..."

"ඔයා නිදාගන්නෑ"

"නිදාගන්න ඕන"

"දැන් ඔය මං එනකන්ම නිදි නැතුව බලාගෙන හිටියද ම්"

"හම්..."

මං එහෙම කියද්දි ඒ ඇස් වලට හිනාවක් ආවා. පහල lights දෙකක් වගේ දාලා තියෙන්නෙ ඒ නිසා ලොකු එලියක් නෑ... එයා මාව අල්ලගෙනම යන්න හදනවා. ඒත් මං යන්නැතුව එතනම ඉද්දි එයා ආයි හැරිලා බලනකොට මං ඇහුවෙ

"ඔයා කෑවද"

"එන්නකො මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා..."

ඒක කියපු විදියට මාව ගල් ගැහුනා වගේ උනා. දෙයියනේ ඒ අහන්න තියෙන දේ මොනවගේ දෙයක් වෙයිද... එයා මෙහෙන් යන්න හදනවද... එපා බෝදි ආයි අපිට අපිව නැතිවෙන විදියටනන් වැඩ කරන්න හදන්න එපා... ඔයා කියන්න ඉස්සෙල්ලා මං කියන්නම්...

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now