🌟 සිව්වන මතකය 🌟

1K 186 97
                                    

පෙර කොටසින් 👇
🐰: හෙත තෙල්ලම් කලමු හොඳේ...

👶: හා.... යේ.... යේ....

බාබාට හරි සතුටුයි. ඒ දවසත් ඒ විදියටම ගෙවුනා. බාබාට රෑටත් කවලා, බනිත් කාලා දෙන්නම නිදාගන්න ගියා.

🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷

මුලු අවට පරිසරයම හිම කැටවලින් වැසි යමින්, ඉතාමත් සුන්දර, මිහිරි දිනයක් රැගෙන හිරු උදාවිය. මුළු මහත් ලෝකයටම විශේෂ දිනයක් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූ ඒ සුන්දර නත්තල් දිනය අදයි.

නත්තල නිසා වගේම අද බනිටයි බාබාටයිත් විශේෂ දවසක්, ඒ මොකද දන්නවද අද තමයි පුංචි බාඕගෙ birthday එක. අද වගේ දවසක තමයි බෝගෙත්, බනිගෙත් ජීවිත සම්පූර්ණ කරමින් පුංචි පුතා මේ ලෝකෙ එලිය දැකපු දවස ඒක ශෝක් නේද, දැන් බාබාට අවුරුදු තුනක්.... අද නිවාඩු දවසක් නිසා වෙනදට වඩා උදෙන් නැගිටපු බනි වැඩ පටන් ගත්තා. බාබා තාම දොයි, බනි මුලින් පටන් ගත්තෙ cake එකක් හදන්න. බනි cake එක හදලා ඒක අවන් එකට දාලා පටන් ගත්තෙ කිරි හදලා තියලා උදේට කන්න ස්පැගටි හදන්න. රෑට ඉතින් නත්තල් පාටි, බර්ත්ඩේ පාටි එකට 🙈 බාබා එක අතකින් ඇස් පොඩි කර කර අනිත් අතේ ඇඟිල්ල උර ඇවිල්ලා නිදිමතේම බනිගෙ කකුලට හේත්තු වුනා. ඒත් එක්කම බනි බාබා වඩාගෙන ඉඹින ගමන්,

🐰: මගෙ පුතු පැටියා wish your happy birthday..... I love u my little Prince

බාබා බනිගෙ උරිස්සට ඔලුව ගහගන්න ගමන්,

👶: තංකූ පපා....

🐰: ඇයි මේ තාම දෝ මතද, ශෝක්නෙ අද චූ දාලා නෑනෙ මගෙ පැටියා

අද චූ දාලා නෑ, පිජාම එකත් ඒ විදියටම ඇගේ, බාබා ඔලුව උස්සලා

👶: ඕහ් මං දැන් ලොතුයිනේ....

🐰: ඒකනේ.... ලොකු බාබාලා ඇඳේ චූ දාන්නැනෙ නේද

👶: හම්.... පාපා මට දැන් තුනක් නේද

🐰: ඔව්නේ..... මැණික පාපා ඉක්මන්ට උයන්නද, අපි supermarket යන්න ඕන shopping යන්න ඕන, අද වැඩ ගොඩයිනෙ

එහෙම කියලා බනි බාබාවත් වඩාගෙන ගිහින් wash දම්මලා ඇඳුමක් අන්දවලා පහලට එක්ක ඇවිත් කුක්කු බොන්න දුන්නා. ඊටපස්සෙ බාබා කාටූන් බලන්න පටන් ගත්තා. බනි උයලා ඉවරවෙලා බාබාටත් කවලා එයත් කාලා ඒවත් අස් කරලා දාලා පටන් ගත්තෙ cake එක අයිසින් කරන්න. බාබා චැනල් මාරු කරන අතරෙ එකපාරට

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now