🌟 තෙවන මතකය 🌟

987 184 62
                                    

පෙර කොටසින් 👇
🐰: ආහ් ඒකත් එහෙමද ඉතින් හයියෙන් කෑගහලා ඇහැරවන්න එපෑ.... කෝ අදත් ඇඳුම ගලවලා දැම්මද අනේ මන්දා මේ කොල්ලනම්

පව් අනේ ඒ දරුවා චූ ගියහම ඇඳුම් ගලවලා දානව ඇති ඒවා එක්ක නිදා ගන්න බෑනෙ... 🥺 බනි අදත් සුපුරුදු විදිහට වයින් කරා වගේ වැඩ පටන් ගත්තා.

🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷🏷

ඔය විදියට දවස් ගෙවිලා ගියා මේ පටන් ගත්ත weekend එක නිවාඩු දවස් දෙකේ තාත්තයි, පුතයි මදි නොකියන්න නිදාගන්නවා. ඒත් සමහර දවස් වලට උදේ වෙද්දි බාබා පපාව ඇහැරවනවා. වෙලාව උදේ 6.10යි බනිට හොඳටම නින්ද ගිහින්, බබා ඇඳේ ඉඳගෙන පපා දිහා ටිකක් වෙලා ඇස් පොඩි කර කර බලාගෙන ඉඳලා ඇඟ උඩ නැගල කතා කරනවා.

👶: පපා පපා නැගිතින්නකෝ..... මත තූ බලයි නැගිතින්නකෝ පප්පා.....

🐰: ම්........ අද නිවාඩු නිදාගන්න දෙන්නකො චුපූ.....

👶: හා.... මත තූ දාන්න ඕන....

බනි ඈනුම් ඇර ඇර ඇඳේ වාඩි වෙලා නැගිටලා ගිහින් lights on කරලා බලද්දි අදත් චූ දාලා මේ දැන් දෙවෙනි පාරටත් ඕනේ වෙලා...

🐰: අපෝ.... අදත් දාලා මට වෙනම ලෙඩක් හැදෙනවා දැන් මේ චූ ගොඩේ නිදාගෙන මෙහෙට එනවා

ඒ පාර චූ කොල්ලව උස්සගෙන බාත්රූම් ගියා. බබාව චූ දාලා ඉවර උනාට පස්සේ හෝදලා එළියට දැම්මා. බාබා එතන දොර ළඟ බලාගෙන ඉන්නවා පපා එනකන් ඒ පාර පපා ඇවිල්ලා lights off කරගෙන ආයි ඇඳට වැටුණා. බාබා ලඟට ඇවිත්,

👶: පපා පපා මාව පීදලා චෝයියක් අන්දන්නතෝ.....

🐰: මොන චෝයිද හෙලුවෙන් නිදාගන්නනෙ ආස ඔය ටවල් එක අරන් පිහිදගෙන ඇවිල්ලා කටවහන් නිදාගන්න අනේ....

බාබා ඉතින් මූන බෙරි කරගෙන towel එක අරගෙන එයාට පුළුවන් විදිහට පිහිදගෙන චූ ගොඩේ නිදාගන්න බැරි නිසා පපාගේ අස්සටම ගිහින් ගුලි උනා. පව් අප්පා ඒ පොඩි එකා මරු පපා

බනිට ඇහැරෙන කොට උදේ 10ත් පහුවෙලා බාබාව ඒ විදිහටම ගුලිකරලා තියලා ඇහැරෙන් නැවෙන්න ෂේප් එකේ නැගිටලා වොෂ් එකක් දාගෙන පහලට ගියා. ගිහින් බනි පටන් ගත්ත උයන්න විනාඩි පහක් ගියෙ නෑ. බාබා පිටිපස්සෙන් ඇවිල්ලා කකුල බදාගත්තා.

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Where stories live. Discover now