🌟 හතලිස් හතරවන මතකය 🌟

627 118 107
                                    

පෙර කොටසින් 👇
බනිගෙ ආදරේ බෙදාගන්න ලෝබකමට තමයි සේරම... ඒත් බබාට තියෙන ආදරෙත් අඩුවක් නෑ... බෝ බබාගෙ කම්මුලක් තොල් වලින් හපලා ඉබලා බබාගෙ ඔලුව අතගාන ගමන් එයා නැති කාලෙ බනි බබාව තනියෙන් බලාගත්ත හැටි බනි කියපු ඒවා ගැන දුකින් ඒවා ගැන මතක් කරේ බනි එන මඟ බලන ගමන්....

🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸

අද බනි ගෙදර තුන් දෙනාම එලියට ආවෙ සෙල්ලම් කරන්න හිතාගෙන

"ඉත්තෙල්ලම දැදා අල්ලන්න අපි දෙන්නව... පපා ඕක බදින්නකො දැදාත..."

බෝ හොරෙන් බනිට ඇස් ගහද්දි බනි බබාට පේන්නැති වෙන්න බෝට පාරක් ගහගෙන පිටිපස්සට ගිහින් බෝගෙ ඇස් ගැටහනකොටත් බෝ බනිගෙ අතින් අල්ලගෙන වෙනම පිස්සුවක් නටන්නෙ... බනි බබා දිහා බල බල වෙනසක් නොපෙනෙන්න බෝගෙ ඇස් ගැටගැහුවා.

බෝ අත් එහෙ මෙහෙ කර කර දෙන්නව අල්ලන්න හදනවා. බබා යන්නෙ බනිගෙ අස්සෙමයි... හිනාවෙන්න එපා කිව්වට බබා අහන්නෑ හිනාවෙවී උඩ පැන පැන දුවනවා. බබා නිසා බනිවත් අහුවෙන්න යන්නෙ... බබා ඉන්න හරිය කොච්චර තේරුනත් බෝට ඕන බනිව අල්ලගන්න... ගාන්ට බනිගෙ අතේ අත වැදුන ගමන් බෝ බනිව ඇදලා ගත්තා.

"යේ.... පපා පපා... දැන් පපා..."

බෝ බනිගෙ ඉන වටේ අත් දාගෙන අල්ලගෙන ඉන්නවා. අතාරින්නෑ බනි බෝට විතරක් ඇහෙන ගානට

"අතාරින්න ඉතින්...."

"සුවඳ..."

"බෝදි අතාරින්න අනේ අර බබා බලන් ඉන්නවා එයා ආසයි මේ සෙල්ලමට..."

"හම් මං ආසයි මේ සෙල්ලමට...."

බනි බෝගෙ ඇස් වල තිබ්බ රෙදි කෑල්ල ඇදලා ගලවද්දි බනිගෙ රවන් ඉන්න මූණ දැක්කම බෝ ඔරෝගෙන බනිව අතෑරලා බනිගෙ ඇස් ගැට ගැහුවා. බනි ඇල්ලුවෙ බබාව බෝට ඒකටත් ඉරිසියයි එයා හිතුවෙ එයාව අල්ලයි කියලා. පුම්බගෙන ඉන්නවා. බනි බබාගෙ ඇස් ගහනකොට බබා

"මං අල්ලනෝ ඔය දෙන්නවම එකතම..."

"යැයි යැයි තමා..."

බෝ හිමින් එහෙම කියද්දි බනිට විතරයි ඇහුනෙ... බබාට ඇහුනනන් මෙතන රණ්ඩුවක් දැන්... බබා හිනාවෙවී මෙයාලව අල්ලන්න එනකොට බනි දුවන තැන්වලටමයි බෝත් යන්නෙ... බනි බෝට විතරක් ඇහෙන ගානට

මතකෙන් සොයනා නුඹේ සෙනෙහස 📕🌟💞 [ Yizhan ff Completed ]Tempat cerita menjadi hidup. Temukan sekarang