ටිචර් එහෙම කියලා ගිහින් අපේ පන්තියේ ඉස්සරහා දොර ඇරියා.

ඒ ලමයාටත් බුදු සරණයී.Xu සලකයී හොදට ඒ ලමයට!! ටිචර්ත් මාර කතා කියන්නේ.

ටිචර් ගිහින් දොර ඇරියට පස්සේ ඒ ලමයා ඇතුලට ආවා. එයා කොල්ලෙක්!!

ඒත්!!!!!!!!!!!!!!!!!!!!!!!

OMG!!!!!!!!!!!!!!!!!!!

මේ අර කොල්ලා!!!

මට ජැකට් එක දුන්න කොල්ලා!!!

O_O

ඒ කොල්ලා එයාගේ බෑග් එක පපුව මැදින් හරහට දාගෙන හිටියේ. ඒ වගේම තමයි ස්කූල් යුනිෆෝම් එක ඇදගෙන සාක්කු දෙකට අත් දෙක දාගෙනම ඇතුල්ට ඇවිත් ඉස්සරහින් හිටගත්තා.

මන් විතරක් නෙමෙයි පන්තියේ හැම කෙනාම කන්න වගේ බලන් හිටියේ ඒ කොල්ලා දිහා.

මන් නම් එක්සයිට් උන්ගා බුන්ගා වෙලා හිටියේ!!! කවුද හිතුවේ අර ජැකට් එකේ අයිති කාරයා මට ආපහු හම්බෙයි කියලා.

"මෙන්න මේ ලමයා තමයි අපේ පන්තියට අලුතෙන් එන ලමයා. නම තමයී Wang Yibo!!" ටිචර් එහෙම කියලා අපි දිහා බැලුවා.

"Hi!! මන් Wang Yibo" ඒ කොල්ලා කිව්වා.

බුදම්මෝ!! කිසි හිනාවක්ම නෑනේ!! මොනා උනත් මූණටම ගැලපෙන නම.

"වාව්ව්ව්ව්ව්ව්ව්ව්" අපේ පන්තියේ හිටපු කෙල්ලෝ ටික එකපාරටම කෑගැහුවා.පුදුමයක් නෑ ඉතිම්. පලවෙනි පාර මාත් ඔහොම තමයි!!!

යිබෝ නම් අමුතුම චරිතයක් වෙයි වගේ හැබැයි.

මන් හිමීට xu දිහා බැලුවා. හේ!! හේ! ඌ හිටියේ කට කොනින් හිනාවෙන ගමන්.

ඒත් යීබෝ ඉදගන්නේ කොහෙද?අපේ පන්තියේ ඉඩ නෑනේ.

එතකොට තමයි මට මතක් උනේ.මගේ එහා පැත්තේ ඉඩක් තියෙනවා නේද කියලා.

ඇත්තටම කිව්වොත් මගේ එහා පැත්තේ ඉදගන්න කවුරුත් කැමති උනේ නෑ. අඩුම තරමේ මට යාලුවෙක්වත් නෑ.ම්කද එයාලා බයයි මගේ යාලුවෙක් වෙලා xuගෙන් ගුටි කන්න.

"යීබෝ, ඔයාට පුලුවන් ගිහින් අර අන්තිම පෝලිමේ xiao zhan ගාවින් ඉදගන්න" ටීචර් මන් දිහාට අත දික් කරලා කිව්වා.

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now