"තැන්ක්‍යු!! අහ්--- මිස් මට අම්මාව බලන්න බැරිද දැන්??"

"දැන් නම් බෑ.ඔයාට පුලුවන් waiting room එකේ ඉදගෙන ඉන්න, සර්ජරි එක ඉවර වෙනකම්"

"හරි, තැන්ක්‍යු"

මට දුන්න ෆෝම් එක මන් පුරවලා ඒ මිස්ට දීලා, හැරිලා ආවා waiting room එක පැත්තට ගියා.

ඒත් කවුද අනිත් කෙනා??? අම්මා ඇයි කිව්වේ එයාවත් බේරගන්න කියලා!!අම්මා දන්න කෙනෙක් වත්ද??

ගිහින් බලමුකෝ!!

මන් waiting room එකට යන්නැතුව ආපහු හැරිලා ආවේ 13 වාට්ටුව හොයගෙන.

"excuse me nurse" මන් ඒ වාට්ටුවේ හිටිය නර්ස් කෙනෙක් ලගට ගිහින් කතා කරා.

"ඕව්, කියන්න"

"මෙ~ ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු පිරිමි ලමයෙක් ඉන්නවද මේ වාට්ටුවේ? මේ දැන් ටිකක් වෙලා ගෙනාපු කෙනෙක්??"

"අහ්හ් lady patient කෙනෙක් එක්ක ගෙනාපු කෙනාද??"

"ඔව්"

"අර ඉන්නේ, අර කෙලවරේම ඇදේ!!" මන් එ නර්ස් කියපු විදිහට ඒ හෝල් එකේ කෙලවරේ ඇද දිහා බැලුවා.කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ,ඒ කොල්ලාගේ භාරකාරයෙක් හරි කවුරු හරී.

"ඔයාද ඒ patientගේ භාරකාරයා??" ඒ නර්ස් ඇහුවා.

මන් නෙමෙයී!!!

ඒත්.....

"ඔව්" මගේ කටෙන් එකපාරටම කියවුනා.මන් දන්නෑ ඒ ඇයි කියලා.

හරි කමක් නෑ..අම්මා කිව්වානම් එයාවත් බේරගන්න කියලා..එයාගේ භාරකාරයෙක් ඇවිල්ලත් නැත්තම් මන් හරි භාරකාරයා වෙන්නම්කො.අනික අම්මා කියලත්, අම්මාව බේරගත්තේ මෙයා කියලා.

"අපි එයාගේ ෆෝන් එකේ කාටහරි කතාකරන්න බැලුවා.ඒත් ඒකේ කාගෙවත්ම නම්බර් එකක් නෑ!!!ඉතිම් සිහිය එනකම් ඉන්න කියලා බැලුවේ."

"තැන්ක්‍යු,මිස්..එයාට දැන් හොදයිද??" ඒ නර්ස් එක්ක මන් ඒ කොල්ලාඉන්න පැත්තට යන ගමන් ඇහුවා.

"එයාගේ බාහිරින් නම් කිසිම තුවාලක් නෑ..හැබැයි එ patient ඉන්නේ මොකක් හරී වේදනාවකින්..අපිට හිතාගන්න බෑ,මොකක්ද කියලා..අපි මේ patientට test කිහිපයක්ම කරා..හැබැයී ඒවා normal කියන්නත් බෑ wrost කියන්නත් බෑ.ඉතිම් ඒ නිසාම තමයි අපි මේ patientව නෝමල් ward එකකට දැම්මෙත්.අපි එයාට අභ්‍යන්තර තුවාල තියෙනවද කියලාත් බැලුවා..හැබැයි තාම ඒවාගේ result ආවේ නෑ."

HEALER: The One Who Can Heal Me (Completed)Where stories live. Discover now