තව ක්‍රමයක් තියෙනවා.ඒත් ඒක ආච්චි මට කවදාවත්ම හරියට කියලා නෑ.ඒ කෙනා හම්බුන දවසට මට ඒක දැනෙයි කියලා තමයි කිව්වේ...ඒත් ඉතිම් මන් දන්නෑ ඒ කවුද කියලානම්!!

ආච්චිනම් කියන්නේ මගේ බලය තියෙන හැම කෙනෙක්ටම,ඒ වගේ කෙනෙක් මවලා තියෙන්නේ කියලා...මන් හිතන්නේ දෙවියන්ට මගේ කෙනා මවන්න අමතක වෙලාද කොහෙදෝ!! අවුරු 20කුත් වෙලාත් තාම හම්බුනෑනේ එයාව මට~~ දුම්කයී ඉතිම්T_T~~

මන් පාර මාරුවෙලා යනකොට මන් දැක්කා මගේ ඉස්සරහින් ලොකු මල්ලක් උස්සගෙන නැන්දා කෙනෙක් මාර අමාරුවෙන් යනවා...ඒ බෑග්ගේ මාරම බරයි වගේ.

"නැන්දේ...දෙන්න මන් ඔය මල්ල ගිහින් දෙන්නම්" මන් ඉක්මනට ඒ නැන්දා ලගට දුවගෙන ගිහින් කිව්වා.ඒ නැන්දා මන් දිහා හැරිලා බලනකොට තමයි මන් දැක්කේ එයා හිටියේ කොල් එකක කියාලා.

"අනේ පුතේ,ගොඩක් පින් සිද්ද වෙනවා..අර අතන වංගුවෙන් හැරිලා ටිකක් පාරේ ඇතුලට ඇරන් යන්න ඕනී"

"හරී නැන්දේ" මන් ඒ බෑග් එකත් උස්සගෙන ඒ නැන්දා එක්කම එයාගේ වේගෙන්ම ඇවිදගෙන ඉස්සරහට ගියා. හම්බෝ බෑග් එකේ බර!!!!

"කවුද අම්මේ ඒ??" මට ලාවට වගේ ෆෝන් එකෙන් කියපු දේ ඇහුනා.

"අහ්හ් මේ ලමයා කිව්වා එයා මගේ බෑග් එක ගිහින් දෙන්නම් කියලා"

ඒ නැන්දා ටික වෙලාවක් කතා කර කර ඉදලාකෝල් එක කට් කරලා මගේ දිහාට ඇරුණා.

"පුතා මේ පලාතෙද?"

"ඔව් නැන්දේ...නැන්දානම් මේ පැත්තට අලුත් වගේ,මන් මීට කලින් නම් දැකලා නෑ"

"ඔව් පුතේ..අපි මේ පැත්තට ආවේ පෙරේදා..තාම අලුත්"

ඒ නැන්දයී මායි තවත් එක එක දේවල් කතාකර කර, ඒ නැන්දා ඉස්සෙල්ලා කියපු තැනට ආවා.

"මෙතනින් තියන්න පුතේ!! ගොඩක් පිං මේ කරපු උදව්වට."

"ඒක එච්චර දෙයක් නෙමෙයි නැන්දේ..එහෙනම් මන් යන්නම්" මන් යන්නම් කියලා ආවා.

මන් ටික දුරක් ඇවිල්ලා වංගුවත් පාස් කරලා ඇවිත් මහා පාරට එනකොටම හයියෙන් සද්දයක් ඇහුනා.මන් ආපහු හැරිලා, ඒ සද්දේ මොකක්ද බලන්න ඒ පැත්තට දුවගෙන ගියා.

HEALER: The One Who Can Heal Me (Completed)Donde viven las historias. Descúbrelo ahora