" දිව්‍යලෝකේ ඉන්න ගොඩාක්දෙවි වරූ මේ 'සනසවන්නා' දෙවියන්ට ගොඩක් ඉරිසියා කරා.මොකද මනුස්ස ලෝකේ ගොඩක් මිනිස්සු ඒ දෙවියන්ට වැදුම් පිදුම් කරන්න පටන් ගත්ත නිසා අනිත් දෙවිවරුන්ට ඒකෙන් එයාලගේ වන්දනා කරුවෝ ටිකෙන් ටික අඩු උනා.
ඒ නිසාම ඒ දෙවිවරු මේ 'සනසවන්නා' දෙවියන්ට ගොඩක් කරදර කරා.ඒ හැම කරදරයකින්ම එයාව ආරක්ෂා කරන්න ආරක්ශක දෙවියන්ගේ ආදරේට පුලුවන් උනා.ඒත් ඒ එක්කෙනෙක්ටවත් මේ 'සනසවන්නා' දෙවියෝ වෛර කරන්න ගියේ නෑ"

"දිව්‍යලෝකය විතරක් නෙමෙයි රාක්ෂ ලෝකයත් මේ දෙවියන්ට වෛර කරා.මොකද රාක්ශයෝ කියන්නේ එයාලගේ මන්තර වලින් මිනිසුන්ට කරදර කරන අයනේ.එයාලා කොච්චර මිනිස්සුන්ට කරදර කරන්න ගියත් මේ දෙවියන්ට වන්දනා කරන ඒ එක මනුස්සයෙක්ටවත් කරදර කරන්න රාක්ශයන්ට බැරි උනා.මේ නිසාම රාක්ශ රජ්ජුරුවෝ ගොඩක් කේන්තියෙන් තමයි හිටියේ."

"මේ 'සනසවන්නා' දෙවියෝ වෙනුවෙන් මනුස්ස ලෝකේ ගොඩාක් දේවාල, දේව පිලිම, දේව පින්තූර නිර්මාණය කරා.ඒ වගේම ඒ දෙවියන් ගාවින්ම 'සනසවන්නා' දෙවියන්ව සනීප කරන්න පුලුවන් ආරක්ශක දෙවියන්ගෙත් දේව පිලිමයකුත් මිනිස්සු හදලා ඒ දෙන්නාටම එක සමානය වන්දනා කරන්න පටන් ගත්තා."

"ඒත් එක දවසක් මේ 'සනසවන්නා' දෙවියන්ට වෛරකරන දෙවිවරු, රාක්ශ රජු එක්ක එකතු වෙලා මේ දෙවියන්ව විනාශ කරන්න සැලසුම් කරා.ඒත් ඒ වැඩේ ලේසි වෙන්නෑ මේ 'සනසවන්නා' දෙවියන් ලග ඉන්න ආරක්ශක දෙවියො නිසා.ඒ නිසාම එයාලා ඒ ආරක්ශක දෙවියන්ට වැඩකට දවස් දෙක තුනකට මනුස්ස ලෝකෙට යැව්වා.ඒ ආරක්ශක දෙවියෝ මනුස්ස ලෝකෙට ආවට පස්සේ අර දෙවිවරුයි රාක්ශ රජ්ජුරුවොයි එකතු වෙලා අර 'සනසවන්නා' දෙවියන්ව විනාශ කරලා දාන්න ලෑස්ති උනා."

"ඒ සටනේදී මේ 'සනසවන්නා' දෙවියන්ට විරුද්දව දහස්ගානක් රාක්ශයොයී දෙවිවරුයි එක් වෙලා හිටියේ.එයාලාගේ ප්‍රහාර වලින් මේ 'සනසවන්නා' දෙවියෝ ගොඩක් තුවාල උනා"

"මනුස්ස ලෝකෙට ගිය ආරක්ශක දෙවියන්ට දැනුනා එයාගේ ආදරණීය 'සනසවන්නා' දෙවියන්ට කරදරයක් කියලා.ඒ නිසාම එයා ඉක්මනටම දෙව් ලෝකෙට ආවා.ඇවිල්ලා දැක්ක දෙයින් එයාට ගොඩක් කේන්ති ගියා වගේම හදවත පැලිලා යන්න වගේ දුක් ආවා.
මේ ආරක්ශක දෙවියෝ ආපහු ආවා කියලා දැනගත්තට පස්සේ එතන හිටපු ගොඩාක් දෙවිවරුයි රාක්ශයොයී පැනලා දිව්වා."

HEALER: The One Who Can Heal Me (Completed)Donde viven las historias. Descúbrelo ahora