Chapter 14

88 10 58
                                    

Tae's p.o.v.

" ආහ් මගේ කොන්ද... මං කොහෙද මේ ඉන්නේ... මං කොහොමද Jungkook-ah ගේ room එකට ආවේ...😵"

ඊයේ රෑ party එකේදි බීලා බීලා මං හිටියේ නැගිට ගන්න බැරි තරමටම විකාර වෙලා... ඊයේ රෑ බිව්වට පස්සේ ගෙදරට ආවේ කොහොමද කියලා නම් මට මතක නෑ ඒ වුණාට කොහොම හරි ගෙදරට ඇවිල්ලා තිබුණා...

මම නැගිටින කොටත් දවල් 12 පහු වෙලා... Jungkook-ah ත් room එකේ පේන්න හිටියේ නෑ කොහොම වුණත් ඊයේ රෑ මාව ගෙදරට දාපු කෙනාට වයර් මාරු වෙලා නිසා මාව Jungkook-ah ගේ room එකට දාලා... ඊයේ වුණ දේවල් මතක් කරගන්න දඟලන ගමන් මං නිදිමතේම ඇඳෙන් බැස්සේ කෑමට යමක් හොයා ගන්න...

"වාහ් මේ Jungkook-ah ගේ room එකේ බිමටත් දාලා තියෙන්නේ කොට්ටද මන්දා..."

" ආ....ආආආ.... මොකාද යකෝ මගේ රත්තරං බඩ පෑගුවේ..."

එක පාරට කොට්ටයක් කැගැහුව සද්දෙට මම උඩ ගියා නෑ ඇත්තටම කිව්වොත් බිම බැලුවා... එතන හිටියේ කොට්ටයක් නෙමෙයි... හතර ගාතෙන් වැටිලා ඉන්න මගේ කොට මිත්‍රයා Jimin...

උදේ පාන්දරම මගෙන් ලැබුණ සංග්‍රහය නිසා Jimina බඩත් අල්ලගෙන නැගිටින දිහා මං බලන් හිට්යේ හිනාවත් හිර කරන්...

" මෙච්චර ලොකු ඇඳක් තියා ගෙන තමුන් බිම නිදා ගත්තේ මොන එහෙකටද ඇත්තට..."

" ඇඳ.. මං කියන්නෑ ඇඳ.. තමුන් මෙතන ඇඳ බදු අරන් වගේ ඇඳම බදා ගත්තම මට බිමවත් ඉන්න ලබුණ එක ලොකු දෙයක් මිනිහෝ..."

Jimina නම්බුව බේරගන්න ඔහොම කිව්වට මං දන්නවා ඇත්ත සිද්ධිය මොකක්ද කියලා.. sure එකටම හීනෙන් kang hee ව බදාගන්න කියලා බිම බඩගාන්නැති.. කොහොම වුණත් අපේ Jimina ට පොළොව එක්ක තියෙන්නේ හරිම හොඳ සම්බන්ධයක් කියලා වටේ පිටේ අය විතරක් නෙමෙයි මුළු ලෝකේම අය හොඳට දන්නවා... මොනවා වුණත් ඉතින් නැගිට්ට ගමන් කොට ඩෑල් එකව කේන්ති ගස්සන්න ඕනේ වුණේ නැති නිසා මං පරාජය භාර අරන් නිකන් හිටියා

" හරි හරි ඉතින් ඔච්චර කේන්ති ගන්න ඕනෙ නෑනේ... ඒක නෙමෙයි ඔයා ඊයේ ගෙදර ගියේ නැද්ද.."

"කොහේ ගෙදර යන්නද Tae... මං මෙහෙට ආවේ කොහොමද කියලාවත් මට මතක නෑ... ගෙදර වැඩක් නෑ අප්පා කන්න මොනවා හරි දෙන්න බඩගිනියි..."

You've reached the end of published parts.

⏰ Last updated: Dec 29, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Hidden TruthWhere stories live. Discover now