Chapter 5

70 15 15
                                    

Myung hee's p.o.v.

soyeon එක්ක රණ්ඩු වෙන කෙනාගේ නම මට හරියට මතක තිබුණේ නෑ... ඒ වුණත් මම තේරුම් ගත්තා මම එයා ගැන ගොඩක් හිතනවා කියලා...මොකද මං මේ දවස් ටිකේම කල්පනා කරේ එයා ගැන විතරයි... ඒත් තාම නමක්වත් හරියට දන්නේ නැති කෙනෙක් ගැන මම මෙච්චරටම හිතන එක මටත් පුදුමයක්... එයා එයාගේ පස්සෙන් එන කෙල්ලන්ට කැමති නැති වුණත් එයාව මගේම කර ගන්න කියලමයි මගේ හිත නම් කිව්වේ... ඒ නිසයි මාත් Soyeon වගේ එයාලව ගණන් ගන්නේ නැතුව ඉන්න හැදුවේ... ඒත් මට ඒක කරගන්න බෑ... එයා මගේ දිහා බලන හැම පාරම මටත් ඕනේ වුනේ එයා දිහා බලන්න..ඒ ලස්සන මුණ දිහා බලන් ඉන්න.... ඇත්තටම එයාගේ පවුලේ අය කොච්චර වාසනාවන්ත ඇතිද එයා වගේ ලස්සන කෙනෙක් ලබන්න තරම්...

කොච්චර නවත්තන්න හැදුවත් මට එයා ගැන හිතන එක තවන්න ගන්න බැරි වුණා... අනිත් අය canteen එකට යන්න හැදුව නිසා මාත් අරයා ගැන හිත හිතම අතින් කට්ටියගේ පස්සෙන් ගියා...

කෑමත් අරන් ඊයේ හිටිය table එකෙන් නැතුව වෙන එකකට ගියේ ආයෙත් රණ්ඩු කරන්න මම කැමති වුණේ නැති නිසා... අපිට වාඩිවෙලා ගොඩක් වෙලා ඉන්න හම්බුණේ නෑ කොල්ලෝ 4 දෙනෙක් අපේ පැත්තට ආවා.... ඇත්තටම එයාලත් අවුලක් නෑ හරි handsome...

" Excuse me... අපි මෙතනට එන්නද..."

එයාලා එහෙම කිව්වම මම වටපිට බැලුවේ එයාලට වෙන තැනක් නැතුවට කෙල්ලෝ ටිකක් ළඟට ආවද කියලා හිතලා... හිතුවා වගේම අර කට්ටයගේ table එකඇරෙන්න එතන ඉඩ තිබුණ එකම table එක අපේ එක....

" oh... හරි එන්න..."

මම එහෙම කිව්වම එයාලා අපිත් එක්ක හිනා වෙලා අපි ළඟින් වාඩි වුණා... මොනවා වුණත් මෙයාලට අර නපුරට වගේ ලොකු කමක් නෑ... එයාලා අපිත් එක්ක හොඳට කතා කරත් එක්ක.....

" ඔයාලා නේද අළුතෙන් ආවේ... Hiii අපි හතර දෙනා ඉන්නෙත් ඔයාලගේ class එකේමයි..."

දැන් දවස් 3ක් college ආවට මෙයාලා ඉන්නවා කියලා මං දැකලාවත් තිබුණේ නෑනේ... ඔව් ඉතින් කොහේ දකින්නද මං බලන් හිටියෙම එක්කෙක් දිහා විතරයි නේ

" ohh... මං ඔයාලව කොහෙදි හරි දැකලා තියෙනවා... අහ් apartment එකේදී... ඔයාලා ඉන්නෙත් මං ඉන්න එකේ නේද.…hi මම Miso...."

Hidden TruthМесто, где живут истории. Откройте их для себя