Chapter 6

66 16 14
                                    

( Author - කෙනෙක් ඉල්ලපු නිසා කලින් chapter එකේ A-min ව දාලා තිබුණ තැන් වෙනුවට Keum ව දැම්මා... ඔයාලා පටල ගන්න එපා ආහ්....)

Jungkook's p.o.v.

myung hee එහෙම ඇඬුවේ ඇයි කියලා මම දන්නෑ ... ඒත් මට එයා අඬන විදිය බලන් ඉන්න බැරි වුණා... ඒ ඇයි කියලත් මං දන්නෑ... එයාට අඬන්න එපා කියලා එයාව සනසවන්නයි මට ඕන වුණේ ඒත් එයා ළඟින්ම තව කොල්ලෙක් වාඩි වෙලා ඉන්නවා දැක්කමයි මට ගොඩක් තරහා ගියේ... ඒ තරහා නිසාම මම ඒ කොල්ලටත් බැනලා එයාව එතනින් එලෙව්වා...

මට එයත් එක්ක කතා කරන්න ඕනේ වුණාත් එයා මාත් එක්ක කතා කරේ නම් එච්චර හොඳින් නෙමෙයි... ඇත්තටම මම එයාගේ නමට හරිම ආස කළා ඒක හරිම ලස්සනයි හරියට එයා වගේ... කලින් එයාගේ නම දැනගෙන හිටියන් මට myung hee එක්ක කතා කරන්න ඕනේ වුණ නිසයි දන්නෑ වගේ හිටියේ ඒත් එයාට මාත් එක්ක කතා කරන්න නම් උවමනාවක් තිබුණේ නෑ....කොච්චර උත්සාහ කරත් මට එයා දිහා බලන එක නවත්ත ගන්න බැරි වුණා... ඒකෙන් වුණේ එයා තව අඬන්න ගත්ත එක විතරයි.... Soyeon ඇවිත් මටත් බැනලා myung hee ව එතනින් අරන් ගිය නිසා මාත් class එකට ගිහින් hyung ලත් එක්ක කතා නොකරම වාඩි වුණා...

Flashback

අර කට්ටියත් එක්ක කතාබහ කරන්න බලාගෙන අපි canteen එකට ගියත් තව කොල්ලෝ කට්ටියක් එයාලත් එක්ක කතා කර කර හිනා වෙවී ඉන්නවා දැකලා මට කේන්ති ගියා... ඒ නිසයි ආයෙත් අපි අනිත් පැත්තටම class එකට ආවේ....

( Author - මේ ටික මතකයි නේද chapter 4 වල අන්තිම ටිකට පස්සේ වුණ ටික මේ හොඳේ )

" Kookie අර කට්ටියත් එක්ක කතා කරන්නේ නැද්ද දැන්..."

" නෑ hyung ඕනේ නෑ දැක්කනේ එයාලා හොඳට තව කට්ටියක් එක්ක කියවනවා.."

" අපි පස්සේ ගිහින් කතා කරමු එහෙනම්...."

" hmm... hyung ලා එන්නකෝ මාත් එක්ක ගමනක් යමු..."

" කොහෙටද ඒ පාර යන්න හදන්නේ..."

මෙච්චර වෙලා සද්දයක් නැතුව වාඩි වෙලා හිටිය Tae hyung එහෙම ඇහුවා...

" එන්නකෝ... මොනවා කරන්නත් කලින් අපි මෙයාලා ගැන දැනගෙන ඉන්න එපැයි..."

" ඉතින් ඒක එයාලගෙන්ම අහගන්නකෝ... aish තමුන් යන යන තැනට ඇවිදන් ඇවිත් මගේ කකුල් දෙකත් රිදෙනවා..."

Hidden TruthWhere stories live. Discover now