Chapter 4

75 18 3
                                    

Jungkook's p.o.v.

මට ඕනේ වුණේ අර කෙල්ලෝ ටිකට පාඩමක් උගන්නන්න විතරයි.... ඒත් දන්නෙම නැතුව ඊට වඩා දෙයක් මම කරලා... මම එහෙම එයාට මගේ ළඟින් වාඩි වෙන්න කතා කරේ ඇයි කියලාවත් මට හිතා ගන්න බැරි වුණා... hyung ලාත් නිකන් මගේ දිහා බලන් හිටියේ පුදුම වෙලා වගේ... aish... මට ඊට කලින් හිතුණේ නෑනේ ගෙදර ගියාම hyung ලා ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙයි කියලා....

අර කෙල්ලත් කන්න වගේ බලන් ඉඳලා මගේ ළඟින් වාඩි වුණා... අනේ මන්දා ඒ වෙලාවේ මගේ heart එකක් එකසිය ගාණට ගැහෙන්න පටන් අරන්... ඒ මොකටද කියලත් මට හිතා ගන්න බැරි වුණා... හිතේ එක පැත්තකට එයාගෙන් නම අහන්න ඕනේ වුණත් මගේ තියෙන ලොකු කමට එයාට second වෙන්න හිතුනෙත් නෑ... කොහොම වුණත් එයාගේ නම හොයා ගන්න තව ඕන තරම් ක්‍රම තියෙන නිසා මාත් වැඩ්ඩා වගේ හිටියා.. එයා නම් මාව බිංදුවක්වත් ගණන් ගත්තේ නෑ.... අනිත් කෙල්ලෝ කොහොම හරි බලන්නේ මාත් එක්ක යාළු වෙන්න... ඒකටත් හරියන්න මේ කෙල්ල ළඟට කතා කරත් හැරිලවත් බලන්නේ නෑ...

ඒත් ඉතින් මං මෙයාට මෙච්චර හොදට සලකන්නේ ඇයි කියලා මටම හිතා ගන්න බැරි වුණා... පළවෙනි පාරට hyung ලා ඇරුණාම තව කෙනෙක්ට ටිකක් හරි ළං වෙන්න මට හිතුණ පළවෙනි පාර ඒක... මගේ නැති වුණ සතුට එක තත්පරේකට හරි එයාට දෙන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා... ඒත් මං මෙච්චර මේ කෙල්ලගේ අවධානේ ගන්න හැදුවත් මෙයා නම් මට ඔරව ඔරවමයි හිටියේ...

අද උදේ මෙයාව බය කරන්න ගහපු ප්ලෑන සුපිරියට වැඩ කර නිසා දැන් වැඩියෙනුත් එක්ක එයා මට ඔරවනවා... ඒක දැකලා මට හිනාත් එක්ක... එයා එහෙම ඔරවන කොට තව ලස්සනයි... පළවෙනි පාරට වෙන කෙනෙක්ගේ වැඩ නිසා මම හිනා වුණා... උදේ කරපු වැඩේ හරියටම හරි ගිය නිසා මට තව සතුටුයි.. ඒ වෙලාවේ ඒ කෙල්ලගේ මුණේ හැටි දකින්නයි තිබුණේ... මං පුදුම අමාරුවකින් හිනාව නවත්තගෙන හිටියෙත්....

Flashback

අද රෑ hobi hyung ලගේ ගෙදර  නැවතෙන්න තීරණය කර නිසා Tae hyung ට යි Jimin hyung ට යි මටයි ගොඩක් වෙලා එකට ඉන්න පුළුවන් වුණා... ටිකක් රෑ වෙලා තිබුණ නිසා අපි තුන් දෙනාම balcony එකට ගියේ ටිකක් කතා කරන්න හිතා ගෙන....

Hidden TruthWhere stories live. Discover now