Chapter 2

78 14 19
                                    

Jungkook's p.o.v.

අද දවස නම් මට එච්චර හොඳ නැති දවසක්...කාලෙකට පස්සේ මගේ college එකට ගියත් උදේ පාන්දරම කොහෙවත් යන කෙල්ලො ටිකක් අපි ඉන්න තැනට ඇවිත්... එතනින් යන්න කිව්වම තව රණ්ඩුවටත් එනවා... ඒ මදිවට අපේ table එකත් එයාලාගේ කරගෙන... aish මොන වගේ කෙල්ලෝ ටිකක්ද ඒ... මොනවා වුණත් අර රණ්ඩුවට ආපු කෙල්ලගේ කට වැඩියි... aish මං මොකටද එයා ගැන හිතන්නේ... shit මගේ නම්බුවත් නැති වුණා ඒ කෙල්ල නිසා....ඊළඟ දවසේ හොඳ වැඩක් කරනවා... එයාලා දන්නෑ මේ Jeon Jungkook කියන්නේ කවුද කියලා.... ඒත් මං මොකටද එයාලට පාඩම් උගන්නන්න යන්නේ... මට වැඩක් නෑනේ එයාලා මොනවා කරත් හැබැයි එයාලා නම් හරි අමුතු කට්ටියක් අච්චර කෙල්ලෝ මගේ පස්සෙන් එද්දි එයාලා එන්නේ රණ්ඩුවට... මොනවා වුණත් මටම ගැළපෙන set එකක්... aish Jungkook ඒ කෙල්ලෝ ගැන හිතන එක නවත්තනවා....😌

ඒ set එක ගැන හිත හිතම මමයි hyung ලයි ගෙදර ආවා...

oh.. මුලින්ම මං කවුද කියලා අඳුන්වලා දෙන්නම්කෝ... අර කෙල්ලෝ set එක නිසා ඒකත් අමතක වුණා....

මම Jeon Jungkook...korea වල තියෙන හොඳම company එකේ අයිතිකාරයා ...එතකොට අර college එකත් අයිති මට...මෙච්චර ළා බාල වයසකින් වුණත් මට මේ දේවල් භාර ගන්න සිද්ධ වුණේ තවත් Taehyung hyung ගේ අප්පට කරදර කරන්න බැරි නිසා...

ඇත්තටම කිව්වොත් මම පොඩි කාලේ ඉඳන් තනි වුණ කෙනෙක්...ඒත් ඒ තනිකම නැති කරන්න වාසනාවකට වගේ මට hyung ලා 6 දෙනෙක් ව හම්බුණා.... එයාලා මාව බලා ගත්තේ හරියට එයාලගෙම මල්ලි කෙනෙක් වගේ....පොඩි කාලේ ඉඳන්ම මන් හැදුණේ වැඩුණේ Taehyung hyung එක්ක...මට තිබුණේ මම හීනෙකින්වත් දකින්න කැමති නැති අතීතයක් ඒ අතීතෙට මං වෛර කරා..පොඩි කාලෙදිම හැමෝම මාව දාලා ගියා අන්තිමට මට මගේ කියලා ඉතුරු වුණේ මේ business ටික විතරයි...

කාලෙකට කලින් නම් මටත් තිබුණා ලස්සන පුංචි පවුලක්...මට හිටියා චූටි නංගි කෙනෙක්...හරියට bunny කෙනෙක් වගේ හරි ලස්සනයි එයා... මං එයාට ගොඩක් ආදරේ කරා...ඒ කාලේ එයා ගොඩක් පොඩියි.... එයා bunny කෙනෙක් වගේ නිසා මම එයාට කතා කරෙත් bunny කියලා...ඒ නිසා ඇත්තටම මට එයාගේ නමවත් හරියට මතක නෑ....මං මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරේ එයාට.....

Hidden TruthWhere stories live. Discover now