Chapter 7

79 16 26
                                    

Soyeon's p.o.v.

අපි කතා කර කර ඉන්න කොට keum ඇවිත් වුණ දේ අපිට කිව්වා...myung hee ව එතන අර යකත් එක්ක දාලා ආපු එකට මට කේන්ති ගියේ keum එක්ක නෙමෙයි අර පිස්සු යකා එක්ක..

එතනට ගිහින් එයාටත් හොඳට ඔරවලා මම myung hee වත් ඇදගෙන වැඩිය කට්ටිය හිටිය නැති පැත්තකට ගියා....

" හ්ම්...දැන් කියන්න මොකද්ද වුණේ කියලා..."

මම ඒ වෙලාවේ ගොඩක් කේන්තියෙන් හිටිය නිසා ඒ කේන්තියටම myung hee ට ත් කෑ ගැහුවා....

" මුකුත්...නෑ...."

" Myung hee මගේ යකා අවුස්ස ගන්නේ නැතුව කියනවා අරයා මොකද්ද කරේ ඔයාට..."

" මුකුත් නෑ කිව්වනේ....මට ඉන්න දෙන්න..."

මම තව මොනවා හරි කියන්නත් කලින්ම එයා අඬාගෙන එතනින් දුවගෙන ගියා....

" ඔහොම ඉන්න.... myung hee....මෙහෙ එන්න...."

මම එයාට කතා කරාට ඒකෙන් වැඩක් වුණේ නෑ...එයා ඒ වෙනකොටත් එතනින් දුවගෙන ගිහින් ඉවරයි....

ඊළඟ class එකට වෙලාවත් ළඟ නිසා මම myung hee ගිය පැත්තට ගිහින් එයාව හොයන්න ගත්තා...වැඩි වෙලාවක් යන්න කලින් එයාව හොයා ගන්න පුළුවන් වුණේ එයා අඬන සද්දේ ඇහුන නිසා...එයා ගහක් යට තිබුණ bench එකක වාඩි වෙලා අඬනවා... එතන තව කවුරුත් හිටියෙත් නෑ...

මම හිමින් සැරේ ගිහින් එයා ළඟින් වාඩි වුණා...

" Sorry...මං කලින් ඔයට කෑගැහුවට...මම කේන්තියෙන් හිටියේ....කියන්නකෝ myung hee මොකද වුණේ කියලා...ඇයි මෙහෙම අඬන්නේ....

" මං දන්නෑ...මට තේරෙන්නේ නෑ ඇයි කියලා... please unnie තවත් ඕක මගෙන් අහන්න එපා..."

" ඒත් මම දැනගන්න ඕනේ ඔයාට මොකද්ද වුණේ කියලා...බය වෙන්න එපා කියන්නකෝ මට මොකද වුණේ කියලා... අරයා ඔයාට කරදර කරාද...."

" නෑ Jungkook මුකුත් කරේ නෑ.... මං කැමති නෑ ඒක ආයෙත් අහනවට.. මාව තව අඬවන්න ඕනේ නැත්තන් ඒ ගැන අහන්න එපා..."

" ඒත්...."

" මං යනවා class එකට..."

" ඉන්න...ඔහොම යන්න බෑනේ..මෙහෙ එන්න..."

තවත් එයාගෙන් ඒක ගැන අහලා එයාව තවත් අඬවන්න ඕනේ වුණේ නැති නිසා මම එයාවත් ඇදගෙන washroom එක පැත්තට ගියේ දැනටමත් අඬලා එයාව ගොඩක් රතු වෙලා තිබුණ නිසා...

Hidden TruthOn viuen les histories. Descobreix ara