Chapter 8

61 16 14
                                    

Miso's p.o.v.

අද හවස අර කට්ටිය එනවා කිව්ව නිසා මං හැමතැනම හොඳට අස් කරලා අර කට්ටිය එනකන් බලන් හිටියා... දැන් හොඳටම හවස් වෙලා තියෙන නිසා එයාලා මඟ එනවත් ඇති... එයාලා එනකන් මං TV එකත් දාගෙන එන බලන්න පටන් ගත්තා...

ටික වෙලාවක් යනකන්ම බලන් හිටියත් එයාලා ආවේ නැති නිසා මං කාමරේට ගියේ soyeon ට call එකක් අර ගන්න එත් එතකොට ම bell එක වැදුණ නිසා එයාලා ඇවිත් කියලා හිතාගෙන මං දොර අරින්න ගියා...

" ඔයාලා ආවද මං ගොඩක්..............."

මං කියන්න ගියපු දේත් එක පාරට නතර වුණේ එතන හිටිය කෙනාව දැකලා... ඇවිල්ලා තිබුණේ soyeon ලා නෙමෙයි... අර ලස්සනම ලස්සන එදා මං පිස්සු හැදිලා වගේ බලන් හිටිය කෙනා...

" ඔ...ඔයා... මොකක්ද මෙහේ කරන්නේ....😳"

" මං ද... මං ආවේ ඔයාව හම්බෙන්න වෙන මොකටද...."

" ඒත්... ඒත් ඔයා කොහොමද දන්නේ මං ඉන්නේ මෙහේ කියලා.... අනික ඔයාට මොකටද මාව හම්බෙන්න ඕනේ..."

" ඔයා දැන් මං යනකන් ඔතනට වෙලා ඉන්නද හදන්නේ miso.. මට ඇතුළට එන්න කියන්නේ නැද්ද...."

ඒක හරි වැඩක් නේ හරියට නිකන් මං එන්න කිව්වා වගේනේ හරියට අදුරන්නේවත් නැති කොල්ලෙක්ව මං කොහොමද ඇතුළට ගන්නේ... ඒකත් මම විතරක් තනියම ඉන්න කොට... අනික මේ මනුස්සයා මගේ නමයි මං ඉන්නේ කොහෙද කියලයි ත් දන්නවා.... ඒවා දැනගත්තේ කොහොමද කියලයි මට ප්‍රශ්නේ වුණේ....

" හරිද... කල්පනා කරලා ඉවරයි නම් මාව ඇතුළට ගන්නවද..."

" නෑ ඔයාට කියන්න දෙයක් තියෙනවා නම් කියලා යන්න මට වැඩ තියනවා..."

" oh එහෙනම් ඔයා මාව ඇතුළට ගන්නේ නෑනේ... එහෙනම් මං ම ඇතුළට එන්නම්කෝ...."

ඒ වෙලාවේ නම් මට ටිකක් බයත් හිතුණා මේ මනුස්සයා ඇතුළට ඇවිත් පාඩුවේ ඉන්නවා වෙනුවට කරේ ටික ටික මගේ ළඟට ආපු එක.... මටත් පස්සට යන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.... අන්තිමට තවත් යන්න බැරි වෙන්න බිත්තිය මගේ ගමන නැවැත්තුවා... බිත්තියටයි අර පිස්සාටයි මැදි වුණ මට දැන් කරන්න කිසි දෙයක් තිබුණේ නෑ... මගේ ළඟ phone එක තිබුණෙත් නැති නිසා කෑගහන එක විතරයි දැන් කරන්න තිබුණ එකම දේ....

Hidden TruthWhere stories live. Discover now