Chapter 3

79 17 11
                                    

Soyeon's p.o.v.

අපේ ගෙවල් තිබුණේ busan වල නිසා එහෙ ඉඳන් මෙහෙට ගොඩක් දුරයි... තාම Seoul ඇවිත් වැඩි දවසක් නැති නිසා හරියට ඉන්න තැනක් තාම හොයා ගත්තේ නෑ... මේ දවස් ටිකේ අපි නැවතිලා හිටියේ hotel එකක...

ඊළඟ දවසේ උදේ myung hee යි Kang hee යි එක්ක college එකට පයින්ම ගියේ අපි හිටිය hotel එක college එකට ළඟ නිසා.... යන අතරමගදි අපි එක එක දේවල් කතා කර කර ගියා.. එක එක දේවල් කිව්වට අපේ ලොකුම මාතෘකාව වුණේ අර පිස්සෝ තුන්දෙනා... පිස්සෝ වුණත් එයාලගේ ලස්සන අඩුවක් නැතුවම තියෙන නිසා දන්න මායාවක් දාලා යාළු වෙන්නත් ගොඩ සැරයක් හිතුණා... ඒත් ඉතින් මං මොකටද second වෙන්නේ... අනිත් කෙල්ලෝ වගේ පස්සෙන්ම යනකොට කිසි අගයක් නෑ...

මං හිතන්නේ අර ලස්සන හාවෙක් වගේ කෙනා ලොකු සල්ලිකාරයෙක් වෙන්නැති ඒකනේ ඔය කෙල්ලෝ ඒ තරමට එයාගේ පස්සෙන් යන්නේ.... අනික Sir වුණත් එයාට කතා කරේ ඔබතුමා කියලනේ... ඒත් ඉතින් කොච්චර සල්ලි තිබුණත් මට මොකද ගේම නම් ගේම...

යන අතරෙදි මම කල්පනා කර කර ගියේ ඊයේ වුණ දේවල් ගැන... මං ඊයේ අර හාවත් එක්ක රණ්ඩු වෙනවා දැකලා අනිත් අයගේ මුණු නිකන් බෙරි වෙලා තිබුණ හැටි මතක් වෙද්දි මට තාම හිනා යනවා... මේ වෙනකන් වෙන කිසිම කෙල්ලෙක් එයත් එක්ක රණ්ඩු වෙලා නැතුව ඇති... ඒකනේ අර කට්ටිම නිකන් කරත්තෙට අහුවුණ කජු ලෙලි වගේ මුණුත් බෙරි කරන් හිටියේ... ඔව් ඉතින් හැමෝම එයාගේ පස්සේ එල්ලි එල්ලි යනවා විතරයිනේ... රණ්ඩු වෙන්නත් කවුරු හරි ඉන්න එපැයි මේ මං වගේ....

ටික දුරක් යනකොට අපේ පිටිපස්සෙන් ආපු කළු පාට car එකක් අපි ළඟින්ම නැවැත්තුවා... එක පාරට නැවැත්තුවේ කවුද කියලා බැලුවහම ඇතුළේ හිටිය කෙනාව දැකලා මගේ heart එකත් නතර වුණා... car එකේ හිටියේ කට කොනකින් හිනාවක් දාගෙන මගේ දිහා බලන් ඉන්න අර මෝඩ හාවා... එයත් එක්ක අනිත් දෙන්නත් හිටියා....

" ආ madam... කොහෙද මේ යන්නේ...."

අර ගොන් හිනාවම දාගෙන එයා එහෙම ඇහුවම මට ටිකක් බයත් හිතුණා... කවුද දන්නේ මං ඊයේ බැනපුවට පලි ගන්න හිතාගෙන මාව kidnap කරන්නවත් යනවද කියලා...

" පොළේ යනවා...😒 ඇයි ඔයාට මොකද අපි කොහේ ගියත් ආ..."

" හා හා පොළේ ගිහින් එන්නකෝ... හහ් මොනවා වුණත් අද set එකට බිම තමයි ඉන්න වෙන්නේ....😏 තමුන්ලා දන්නෑ මේ Jeon Jungkook කියන්නේ කවුද කියලා..."

Hidden TruthΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα