Chapter 9

81 15 27
                                    

Author - මුලින්ම ඔයාලට කියන්න දෙයක් තියෙනවා... මේ chapter එක ලියන්නේ CJ_Bunny මං හිතනවා එයා ලියන ඒවා මගේ ඒවට වැඩිය හොඳයි කියලා😉❤ කියවලම බලන්න... ආහ් කතාව මතක නැත්තන් ආයෙත් කලින් chapters ටික කියවලා බලන්න හොදේ

_______________________________________

Jungkook's p.o.v.

Namjoon hyung ට හදිස්සියේ වැඩක් වැටිලා නිසා එන්න ටිකක් පරක්කු වෙයි කියලා call කරාම කිව්වා... ඒ නිසා මාත් ටිකක් soyeon වටේ කැරකි කැරකි එයාට බැල්ම දදා හිටියා... Myung hee දිහා මන් බැලුවෙම නැති තරම් එයාව දැක්කොත් මං වෙනම කල්පනා ලෝකෙකට යනවා... ඒ ඇයි කියලා මටම හිතා ගන්න බෑ...

මම Myung hee ගැන මෙච්චර හිතන්නේ එයා ගැන ආදරයක් ඇති වෙලා නිසා කියලත් සමහර වෙලාවට හිතුණා... ඒත් soyeon ව ත් මට ඕනෙ වුණා...

ඒ දෙන්නා ගැන හිත හිත ඉන්න කොට ටික වෙලාවකට පස්සේ Tae hyung යි Miso යි ආවා....

" Namjoon hyung තාම නැද්ද Kookie...."

" නෑ Tae hyung... හදිස්සියේම වැඩක් වැටුණා ලු ඉක්මනට එන්නම් කිව්වා මං දැනුයි call කරලා බැලුවේ...."

" ආහ් එහෙනම් එතකන් අපි වාඩි වෙලා ඉමු... එන්න miso..."

ඊට පස්සේ Tae hyung miso ව ත් ඇදගෙන table එක පැත්තට ගියා... මටත් ඉතින් ඒක බලන් ඉන්න බැරුවට sayeon ළඟට වෙලා කැරකි කැරකි හිටියා එයා මොනවා හරි කියනකන් කොහෙද ඉතින් මේ පිස්සි කතා කරන්න තියා ඇහැක් ඇරලවත් මං දිහා බැලුවේ නෑ... ඇහැක් ඇරලාවත් බැලුවේ නෑ කිව්වට එයා හොරෙන් බලනවා මං දැක්කා... ඒ වුණාට මාත් එයාට දෙවෙනි වෙන්නේ නැතුව දැක්කේ නෑ වගේ හිටියා...

" ඒයි පිස්සි... එන්න අපිත් යමු වාඩි වෙන්න අතනින්...."

" ah... හා... යමු..."

එයා එහෙම කිව්වම මං හැදුවේ එයාගේ අතින් අල්ලන් එක්කන් යන්න... එත් අත අල්ලන්න යන කොටම එයා Myung hee ව ත් ඇදගෙන ගියා... ඒ වුණ ලැජ්ජාව කවුරුත් දැක්කේ නැතුව ඇති කියලා හිතලා මාත් හිමින් සැරේ අනිත් අය ඉන්න පැත්තට ගියා...

" යා... Kim Soekjin.... තමුන් කොහොමද මං නැතුව dinner එකකට ආවේ ආ... ඒකත් මගේ මල්ලිලා ඉන්න එකක්... Jungkook-ah කිව්වේ නැත්තන් මං දන්නෙත් නෑ..."

Hidden TruthWhere stories live. Discover now