Chapter 11

58 13 36
                                    

Tae's p.o.v.

කවුරු හරි එයා ළඟට එනවා කියලා දැනුණ නිසා ඉක්මනට ඇස් වල කදුළුත් පිහිදාගෙන එයා මගේ පැත්තට හැරුණා.. එතන හිටියේ myung hee.. එයා එක පාරට මෙහෙම අඩන්න හේතුව මං දන්නේ නැති වුණාත් මං ටිකක් එයාට ළං වුණා..

" myung hee ඇයි මේ...??"

එයා අඬලා ඇස් දෙකත් රතු වෙලයි තිබුණේ...

"නැහැ මුකුත් නෑ... නිකන්..."

" නිකන් වෙන්න බැහැනේ ඇඬුවේ... ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් නම් කියන්න..."

" නෑ මට අවුලක් නෑ මම හොඳින්..."

එයා එහෙම කිව්වත් මට හිතුණෙම එයා ලොකු ප්‍රශ්නෙක ඉන්නවා කියලා

කලින් කාටවත් කිව්වේ නැති වුණත් myung hee ව දකිද්දි මට කාවහරි මතක් වුණා.. ඒත් මගේ මතකෙට ආවේ නෑ මං මීට කලින් myung hee ව දැක්කේ කොහේදිද කියලා.. Jungkook වුණත් myung hee ව දැක්ක ගමන් කල්පනා ලෝකෙකට යනවා කියලා මට අදයි තේරුණේ.. මොනවා වුණත් Jungkook ටයි මටයි දෙන්නටම myung hee එක්ක සම්බන්ධයක් තියෙනවා..ඒත් ඒ මොකද්ද කියලා මං හරියටම දැනන් හිටියේ නෑ...

මීට අවුරුදු ගාණකට කලින් මොකක් හරි දෙයක් නිසා මගේ පොඩි කාලේ මතකේ මට නැති වෙලා තිබුණා... Doctors ලා නම් කිව්වේ ලොකු shock එකක් නිසා එහෙම වුණේ කියල...සමහර විට Jungkook ගේ ඔම්මලගේ accident එක මටත් බලපාන්නැති මං එතකොට පොඩි නිසා.... මට වගේම Jungkook ටත් ඒ වගේම memory lost  එකක් තියෙනවා කියලා මමත් දැනගත්තේ ඔම්මලගෙන්... මට මගේ පොඩි කාලේ ගැන කිසිම දෙයක් මතක නැති වුණත් Jungkook ට එයාගේ ඔම්මා අප්පා සහ නංගි ගැන පොඩි මතකයක් ඉතිරි වෙලා තිබුණා...ඒත් ඒ මතකය වුණත් Jungkook ට වේදනාව මිස සතුටක් ගෙනාවේ නෑ...

Myung hee ව දකින හැම සැරයකම මට හිතුණේ මගෙයි Jungkook ගෙයි පොඩි කාලේ මතකයට මෙයා සම්බන්ධයි කියලා...ඒත් එහෙම වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බැරි වුණා...

" Myung hee..."

" ම්ම්..."

" ඔයාට අවුලක් නැත්තන් මං දෙයක් අහන්නද..."

" හ්ම් හා..."

එයා ඉන්නේ හොදින් නෙමෙයි කියලා දැන දැන වුණත් මේ විදියට myung hee ව තනියම හම්බුණ වෙලාවේ ඒක අහන්නම ඕනේ කියලා හිතුණා...ඇත්තටම මට එයාගෙන් අහන්න එක ප්‍රශ්නෙකට වඩා තිබුණා...

Hidden TruthWhere stories live. Discover now