Chapter 1

155 17 51
                                    

Miso's p.o.v.

Alarm එකේ සද්දෙට මම උඩ ගිහින් ඇහැරුණේ අද මට ගොඩක් විශේෂ දවසක් නිසා... ඔව් අද තමයි මං මුලින්ම college එකට යන දවස...

මම Korea වලට ඇවිත් වැඩි කාලයක් නෑ... මගේ අම්මලා හිටියෙත් Korea වල නෙමෙයි... මම විතරයි තනියම මෙහෙ ඉන්නේ... මෙහෙට ඇවිත් වැඩි දවසකුත් නැති නිසා මට යාළුවෝ හිටියෙත් නෑ.. අඳුරන කවුරුත් හිටියෙත් නෑ... Seoul වල තියෙන හොඳම college එකට යන්න පුළුවන් වුණ නිසයි මම අනිත් අයවත් දාලා මෙහෙ ආවේ..

කොහොම වුණත් ටිකක් ඉක්මනටම ගිහින් යාළුවෙක්ව හොයා ගන්නවා කියලා හිතාගෙනයි මම කලින්ම Alarm එකත් තිබ්බේ... කලින් දවසේ හවස් වෙලා college එකට ගියත් මට හරියට වටපිට බලන්නවත් වුණේ නෑ...

college එක, යාළුවෝ ගැන හිත හිතම මං wash එකක් දාගෙන ඉක්මනට ලෑස්ති වුණා.... කලින් දවසේ රෑම ඕන කරන හැමදේම හදලා තිබුණ නිසා වැඩි වෙලාවක් යන්න කලින්ම ලෑස්ති වෙන්න පුළුවන් වුණා.. මං හිටිය apartment එකට college එක ළඟ නිසා තව ගොඩක් වෙලාව තිබුණ නිසාත් වටපිට බලන්න ඕනේ වුණ නිසාත් මම පයින්ම යන්න තීරණය කරා...

college එකට පයින්ම යන ගමන් මම හැමතැනම වටපිට බල බල ගියේ... මෙහේ හරිම ලස්සනයි පාරේ තැනින් තැන තිබුණ සකුරා ගස් වලත් මල් පිපිලා...හමාගෙන ආව මඳ සුළඟ නිසා මට දැණුනේ කවදාවත් දැනිලා නැති හැඟීමක්...

වටපිට ලස්සන බල බලම මම ඉස්සරහට ගියා ටික වෙලාවක් යනකොට මට college එක ළඟටම එන්න පුළුවන් වුණා.. හෙමින් ඇතුළට ගිහින් ඒ college එකේ ලස්සන දැක්කම මට class එක හොයා ගන්න වැඩෙත් අමතක වුණා...

මම වේලාසනින්ම ආව නිසා වැඩිය ළමයි හිටියෙත් නෑ... ඒ නිසා වටේම ඇවිදලා බලන්න මට පුළුවන් වුණා....

ගොඩක් වෙලා යනකන් මං college එක වටේම ඇවිද්දා ටිකක් වෙලා ගියාට පස්සෙයි මට මතක් වුණේ මම තාම class එක හොයා ගත්තෙත් නෑ කියලා... වටපිට බල බල ආපු නිසා ආව පාරවත් මට හරියට මතක තිබුණේ නෑ... පාර හොයා ගන්න බැරුව වටපිට බල බල ඉන්න කොට මං දැක්කා තව ළමයි තුන් දෙනෙක් ඇවිද ඇවිද ඉන්නවා.. class එක තියෙන තැන එයාලගෙන් අහගන්නවා කියලා හිතාගෙන මම හිනාවකුත් දාගෙනම එයාලා ඉන්න පැත්තට ඇවිදන් ගියා....

Hidden TruthWhere stories live. Discover now