chapter 14 😔

741 155 19
                                    

Jk pov

මන් කර දේ හරිද ?? මට ඇයි හිතෙන්නේ මන් තෝරගත්තේ වැරදි පැත්ත කියලා...මන් නිසා කියා විදවයි ද ? ඒත් ඇයි කියා ඔයා මට ආදරේ කරන්න ගත්තේ...මන් ඔයාව මගෙන් ඈත් කරන්න හදනකොට ඇයි ඔයා මට ලන් වෙන්නේ..

💜️ ඔප්පා ඔයා හුගක් සීතලයි...ලගට එන්න...

කියාගේ ඇස් වල කදුලු...අපි දෙන්නා දැන් පැය ගානක් තිස්සෙ මේක ඇතුලේ හිර වෙලා..මට මාව නැතත් කියාව හරි බේරන්න ඕන...ඒත් මට ඒ දේට ශක්තියක් නෑ...අඩුම ෆෝන් වලට සිග්නල් අහුවෙන්නෙත් නෑ...මට මෙහෙම ඔයා ඉස්සරහ මැරිලා යන්න බෑ කියා...මන් මැරෙන එක ඔයාලා කාටවත්ම දරාගන්න බැරි වෙයි...ඇස් ඇරන් ඉන්නවත් මට දැන් පනක් නෑ..

කැහ් කැහ්...( කැස්සක් හොදේ..😁 )

💜️ අනි..ඔප්පා ලේ එනවා...🥺

කැස්සත් එක්ක මගේ කටින් ලේ එන්න ගත්තා..ඒ කියන්නේ මන් ජීවත් වෙන අන්තිම දවස් ටික ද ? කියා ඔයාට දරාගන්න පුලුවන් වෙයි ද ?? හ්‍යුන්ග් ඔයාලට පුලුවන් ද ?? ටේ, ජිමින් ඔයාලට පුලුවන් වෙයි ද ඔයාලගේ කුකී නැතුව ඉන්න ?? මට සමාව දෙන්න හැමදේම අතාරිනවට...ප්‍රශ්න වලින් පැනලා යනවට..

සීතල නිසා ගුලිවෙලා ඉන්නකොට කියා ඇවිල්ලා මාව තුරුල් කරගත්තා..එයාවත් සීතලට ගැහෙනවා.ඒත් එයා මේ වෙලාවෙත් මන් ගැන හිතනවා...

🐰 ක්..කියා...ඔ..ඔයාට සීත...ලයි නෙ..ද..

💜️ අනි ඔප්පා...මට සීතල නෑ..ඔප්පා ගැහෙනවා.. මන් ආයි දොර කඩන්න බලන්නම්...

කියා නැගිටලා යන්න හදනකොට මන් යන්න නොදි අතින් ඇදලා ගත්තා.

🐰 ය..යන්න එ..එපා..

💜️ හරි මන් යන්නෙ නෑ...ඔප්පාව දාලා කොහෙවත් යන්නේ නෑ මන්...ඉන්න...

එහෙම කියලා කියාගේ කෝර්ට් එකත් ගලවලා මගේ ඇගට දාලා එයා මාව එයාගේ තුරුලට ගත්තා. එයා චූටි වැඩි..කොට බට්ටි මාව අත් දෙකෙන් තුරුල් කරගන්නවත් බෑ..හ්‍යුන්ග්ලා මට හෙන කදයා කියන එක සාධාරණයි කියලා දැන් නම් තේරෙනවා..කියා මාව තුරුල් කරන් මගේ බරත් දරාගෙන ඉන්න හෙන ගේමක් දෙනවා..පව් කියලත් හිතෙනවා..මගේ චූටි කෙල්ල...ඔහොම ඉන්නකොට මට දාලා යන්න හිතෙන්නේ නෑ...මන් ඔයාව දාලා ගියාට පස්සෙ මට සමාව දෙනවා නේද මගේ සූසන්...ඔයාගේ සියාන් හැම ආත්මෙකම වගේ ප්‍රශ්න වලින් පැනලා යන දුර්වලයෙක්...මියානේ...මන් හිමීට ඔලුව උස්සලා කියාගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා..මට එයාගේ මූන බලන් ඉන්න ඕන..ඒ මූන ,දිලිසෙන ඇස් මන් දිහාට යොමු වෙලා තියෙනවා දකිනකොට මට ඔයාව දාලා යන්න හිතෙන්නෙ නෑ...ඒත් තවත් ඇස් ඇරන් ඉන්න අමාරුයි මට...හුගක් නිදිමතයි..හරිම මහන්සි...මගේ ඇස් පියවෙනවා...මන් කරේ වැරැද්දක් ද ?? එදා ඇහුන දේවල් වැරදි නෑ නේද ?? මට පසුතැවිලි වෙන්න වෙයි ද ??

KINGDOM || JK || Completed || Where stories live. Discover now