chapter 10🐍

764 154 11
                                    

Jungkook pov

මට මොකක්ද උනේ....ඇයි ඇස් අරින්න බැරි..ඇහි පිහාටු ගම් ගාලා අලවලා වගේ...මේකත් අර කොටියගෙයි නරියගෙයි වැඩක් ද ?? අනි...එහෙම වෙන්න බෑ...උන් දෙන්නා කොච්චර මෝඩ වැඩ කරත් මගේ ඇහි පිහාටු අලවන්න තරම් ගොන් වැඩ කරන්නේ නෑනේ...
එපාර මොනවද මගේ මූනට වැටෙන්නෙ...වහිනව ද ? මාව මොකෙක් හරි ඇතුලට අරන් යනවා.. වැස්සෙ තියලා ගියේ...අත පය හොල්ලගන්නත් බෑ..

කුකී...චේබල් ඇස් අරින්නකෝ..

කවුද කතා කරන්නේ...?? ඒ කටහඩ...ජින් හ්‍යුන්ග්.. ඔව් එයාගේ...එයා අඩනවා ද...එයාගේ කදුලු ද මේ.. අනි...එපා...හ්‍යුන්ග් ඔයාගේ කදුලු පාවිච්චි කරන්න එපා...ඔයා ඒකෙන් දුර්වල වෙනවා කියලා මන් දන්නවා හ්‍යුන්ග්...මන් වෙනුවෙන් ඔයාගේ ෆීනික්ස් කදුලු පාවිච්චි කරන්න එපා...ම..මන් ඇස් අරින්නම්.. අඩන්න එපා...

අනේ ගිනි මකරෝ...නැගිටින්නකෝ...

ඒ...මගේ කොටි පැටියා නේද...යකෝ මේකා අඩනවා ද...දැන් නම් ඇස් අරින්නම ඕන...මේකා ලේසියෙන් අඩන්නෙත් නෑ...මූ අඩනවා කියන්නේ නරි පැටියා කොහේ හරි ලෝකෙක හැංගිලා අඩ අඩ ඇති..මන් දන්නේ නැද්ද මුන් දෙන්නාගේ හැටි...ඇස් අරින්න ජන්ග්කුක්...ඔයාට පුලුවන්...ඔයාගේ යාලුවෝ දෙන්නා වෙනුවෙන්...හ්‍යුන්ග්ලා වෙනුවෙන් ඇස් අරින්න...
.
.
.
.

🐹 කුකී...🥺🥺
ඔයාට කොහොමද ??

අනේ මගේ හ්‍යුන්ග්ගේ ඇස් වල කදුලු...ඇස් ඇරපු ගමන් මට ඔයාලගේ කදුලු දකින්න ඕන නෑ...ඇයි මට ඔච්චර ආදරේ කරන්නේ..

🐰 ජ්..ජින් හ්..හ්‍යුන්ග්

🐹 නම්ජුනා...කුකීට සිහිය ආවා...ඉක්මනට එන්න..

ජින් හ්‍යුන්ග් මාව හිමීට අල්ලලා නැගිට්ටවලා කෙලින් කරා...මගේ හ්‍යුන්ග්...මගේ ඔම්මා...මන් වෙනුවෙන් ඔයාගේ ඇස් වල කදුලු හලන්න එපා හ්‍යුන්ග්...ඒවා හුගක් වටින කදුලු...මන් දන්නවා ඔයාට එතකොට රිදෙනවා කියලා...

🐨 කුකී....ඔයාට කොහොමද පැටියෝ..??

🐱 කුකී...ඇයි මෙච්චර දවස් අපෙන් හැංගුවේ..??

අනේ මගේ හ්‍යුන්ග්ලා දෙන්නා..ඔයාලා ඇඩුව ද... ඇස් ඉදිමිලා...පූස් හ්‍යුන්ග් ඔයත් ඇඩුව ද..?? අනේ අඩන්න එපා ඔහොම...මට දුකයි එතකොට..

KINGDOM || JK || Completed || Where stories live. Discover now