chapter 5 📒

812 167 19
                                    

Kia pov

දැන් මන් මේ ලෙක් එකට තනියම යන්න ඕන නේද දෙයියනේ...අර යකා දාහක් මිනිස්සු ඉස්සරහ මාව කිස් කරා..දැන් මන් යන්න ඕනනේ...
හොද හුස්මක් ගන්න කියා..බය නැතුව අඩිය තියලා යමු...මාත් ඉතින් පුරුෂ දෛර්ය අරන්...ආ නෑ..නෑ...ස්ත්‍රී දෛර්ය අරන් දොර ඇරන් ඇතුලට ගියා..අර උදේ පනින්න හදපු හුචක්කුව නිසා ලෙක් ඔක්කොම ටිකක් පරක්කු වෙලා පටන් ගත්තේ...ඒ නිසා ඉතින් ප්‍රොෆෙසර්කාරය එන්න ඉස්සෙල්ලා ඇතුලට යන්න පුලුවන් වුන එකට පොඩි සතුටකුත් හිතේ තිබ්බා..නැත්තන් ඉතින් පළවෙනි දවසෙම පරක්කු වුනාට බැනුම් අහන්න වෙනවනේ..
වොන්ඩර් වුමන්ගේ ස්ත්‍රී දෛර්ය අරන් ඇතුලට ගියත් මොකද මෙච්චර වෙලා හූ තිය තිය හිටපු ඔක්කොම හ්ම් සද්දයක් නැතුව මන් දිහා බලන් ඉන්නවා...ඒ අස්සෙන් කෙල්ලො මට හැටට හැටේ ඔරවනවා..මොනවද දන්නෙ නෑ අර කුටු කුටු ගගා කියවන්නේ...අනේ මාව බේරගන්නකෝ...පිටිම පස්සෙ ශීට් එකෙන් වාඩි වුනා නම් සරි...මේ ඔක්කොම අර හිකනලා හින්දනේ...ඕකව ආයි හම්බුනොත් නම් මන් බැදලා කනවා..ඒත් ඌ මාව කෑවොත්...මගේ හිතත් කියවනවා...අයිගෝ මේ හීන ලෝකෙන් මාව ඇහැරවන්නකෝ...

දඩින් බිඩින් ඩෝන් 💥💥💥

💜️ ආව්....

මොකක් අප්පා ඒ වුනේ...එක පාරටම ලෝකේ පෙරලුනාවත් ද..මන් ඇයි මේ බිම...ආහ්..
ඔක්කොම හිනා වෙනවා...වස නෝන්ඩිය..ඒත් යකෝ මන් එහෙම බිම වැටෙන්න විදියක් නෑනේ...ඔන්න ජිවූට මේ දේ වුනා නම් කමක් නෑ..එයා කොහොමත් දවසට පාරක් පොලෝ මාතා සිප ගන්නවනේ...මන් කොහොමද වැටුනේ...

"ආයිශ් මේ හිකනලි මට කකුල් මාට්ටුවක් දාලා නේද...අල්ල ගන්නම්කෝ මන්...අදට ඉවසලා ඉන්නවකෝ..අදට මට උන කරදර හොදටම ඇති...''

කකුල් මාට්ටුවක් දාපු හිකනලීට දවා අලු කරවන බැල්මක් දාලා මන් ගිහින් පිටිම පස්සෙ පුටුවෙන් වාඩි වුනා..ටිකක් වෙලා ගියාම ලෙක්චර් ආවා..

කට්ටිය නයි වගේ සූස් සූස් ගාන නිසා ඔලුව උස්සලා බැලුවේ එන්නෙ කවුද කියලා... හම්මෝ එයාගේ ලස්සන...
කවුද අඩේ මෙච්චර ලස්සන ප්‍රොෆෙසර් ඔප්පෙක්ව ගෙනත් දැම්මේ...අම්මෝ ඩිම්පල් දෙක...පිස්සු හැදෙනවනේ...අර කුක්කා පරාදයි දෙයියනේ මේ මූනට...අම්මෝ...මාර හොට්නේ.
අනේ අර ඩිම්පල් එක අස්සට ඇගිල්ල දාන්න හිතෙනවා..

KINGDOM || JK || Completed || Donde viven las historias. Descúbrelo ahora