chapter 11🐍💜️

743 160 14
                                    


🐯 happy ending එකක්...මන් ආසයි ඒ කතාවට 😁

🐥 කට වහගනින් කොටි පැටියා...

🐰 නම්ජුන් හ්‍යුන්ග්...දැන් ඔය කතාවෙයි අපෙයි අතර තියෙන සම්බන්දේ මොකක්ද ??

🐨 ටේ හිතුවා වගේම ඒක happy ending එකක් තමයි..ඒත් ඒක happy ending උනේ ඒ ආත්මේ විතරයි ටේ...සූසන් - සියාන් ආදරේ සදාකල් පවතින්න කියලා ප්‍රාර්ථනා කරනකොට ෆහායි එදා ශාපයක් තිබ්බා..ඒ ශාපේ නිසා සූසන් - සියාන් දෙන්නම ආදරෙන් එක් වෙන හැමවෙලේකම ෆහායි ඒ ආදරේ කඩලා දැම්මා...ඒ නිසාම ෆහායිගේ බලය වැඩි උනා...දැන් ෆහායි හිතුවට වඩා ශක්තිමත්... සූසන්- ෆහායි ආදරේත් එක්කම ෆහායිගේ ආරම්භය පටන් ගන්නවා...

🐯 ඉතින් සූසන් - ෆහායි දෙන්නා එකතු උනේ නැති නම් හරිනේ...එතකොට ෆහායි එන්නෙත් නෑනේ...

🐹 එහෙම කරන්න බෑ...ඒක එයාලගේ දෛවය..

🐨 එකම දවසේ රාජ්‍යයන් තුනක තව දරුවෝ තුන් දෙනෙක් ඉපදුනා....එදා අහස හරිම අදුරුයි.. එදා අහසේ ටාටරස් පෙනී හිටියා...එයා අනාවැකියක් දුන්නා...
" ටාටරස්ගේ ආරම්භයේ දරුවෝ එකතු වෙන දවසට ටාටරස්ගේ ආරම්භය පටන් ගනිවි.." කියලා.
ඒක ඇහුවට පස්සේ හැමෝම කලබල උනා...ඉතින් එයාලා එදා ටාටරස් පෙනී හිටිය දවසේ ලමයි ඔක්කොම මරන්න හැදුවා...එයාලා කොච්චර දරුනු උනා ද කියනවා නම්...එයාලට අදාල උනේ නෑ ඒ ලමයි රාජ්‍යයේ කිරුල හිමි කුමාරයෝ ද කියලා.. එයාලා හුගක් කලබල වෙලා හිටියේ...ඒත් රැජිනට ඕන වුනේ නෑ තමන්ගේ දරුවා මරන්න...ඉතින් මාත් එක්ක මිසූරි වල ප්‍රධාන ආරක්ෂක කිරුල හිමි කුමාරයා තුරුල් කරන් කැලේට පැන්නා..එවෙලේ ඒ වෙනකොටත් මාලිගාව එයාල ගිනි තියලා ඉවරයි...
එදා හිතපු නැති විදියට තව දෙන්නෙක් එතනට ඇවිල්ලා හිටියා...අපි දැන් එකට හිටියට අපේ රාජ්‍යයන් තුන හුගක් තරහයි...ඒත් දරුවෝ තුන් දෙනා වෙනුවෙන් අපි එකතු වුනා..එයාලගේ මූන බලාගෙන එයාලට මැරෙන්න දෙන්න අපිට බැරි උනා..ඉතින් අපි කුමාරවරු අරන් පරන තරහවල් ඔක්කොම අමතක කරලා මිනිස් ලෝකෙට ආවා..

🐰 එතකොට ??

🐱 ඔයා අහන්න හදන එක අපි දන්නවා කුකී...ඔයයි මිසූරි වල කිරුල හිමි කුමාරයා...මමයි නම්ජුනායි ඔයාව තුරුල් කරන් මාලිගාවෙන් පැනලා ආවා.. අපිට එවෙලේ වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ...

KINGDOM || JK || Completed || Where stories live. Discover now