Episode 33

93 28 0
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 33

"ආලෝකය ඇත්තේ කොහිද... එය යහපතක් ඇති කරන්නේමය. අන්ධකාරය ඇත්තේ කොහිද.. එහි අයහපත රජ කරන්නේමය. එහෙයින්.. තුන් ලෝකයටම යහපත සෞභාග්‍යය සහ පැවැත්ම උදෙසා... මනුෂ්‍යයෙක් ලෙසද,දෙවියන්ගේ දෙවියාටද, යක්ෂයාගේ යක්ෂයාටද උරුමකම් කියන්නා වූ මා ඒඩ්න් ඩිමෝග්‍රගන් වින්චෙස්ටර් මායාවේ අසිපත විනාශ කරන්නට අණ කර සිටිමි..."

"මො...මොකක්?????"

දෙසවන් අදහාගන්නට බැරුව මං බලන් ඉද්දි ඇන්ඩ්‍රොමීඩා වින්චෙස්ටර් ආඩම්බර හිනාවකින් ආකාසයේ සිට බලන් හිටියා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"එපා...."

ඩූෆෙරෝ විලාප තිබ්බා. පාලක පක්ෂයෙ දෙවිවරු එක්කෙනා දෙන්නා අතුරුදහන් වුණේ ඒ එක්කමයි. විරුද්ධ පක්ෂයෙ දෙවිවරුන්ට සාපේක්ෂව අඩු දීප්තියකින් හෙබි පාලක පක්ෂයේ දූෂිත දෙවිවරු ඩූෆෙරෝ අතහැරදමා නැවතත් යද්දී දෙවියන්ගෙත් දෙවියා වේදිකාවෙ නොඉවසිල්ලෙන් බලන් හිටියෙ බලාපොරොත්තුවක සේයාවක් හිතේ කොණක තියාගෙන.

පාලක පක්ෂයෙ ඉතුරු වුණ දෙවිවරු සහ යක්ෂයින් හැමෝම ඒඩ්න් දිහාවට නොයෙක් වර්ණ කිරණ යොමු කරෙත් ඒ වෙලාවෙයි. ජේ ජේ විසින් ඇති කරපු ආරක්ෂක වළල්ල මදින් මද සැලෙද්දි යක්ෂයො ක්‍රියාත්මක වුණා.

"උඹට තව පොඩි වෙලාවයි තියෙන්නෙ ඒඩ්න්..."

ඇස්මොඩීයස්ගෙ කටහඬ පැතිරුණා. හරියට අනතුරු ඇගවීමක් වගේ. යක්ෂ යුවරජු,තමාගෙ වැඩිමල් පුත්‍රයාගෙ ක්‍රියා වලින් සහ මිනිත්තු කීපයකට කලින් කරපු ප්‍රකාශය තඹේකට මායිම් නොකරන ස්වරූපයෙන්.

"එසේය... පියාණෙනි..."

ඒඩ්න් වින්චෙස්ටර් සන්සුන් ස්වරූපයෙන් ඒත් අධිකාරීමය ස්වභාවයෙන් මුමුණද්දි ඇස්මොඩීයස්ගෙ කෝපගත්ත දෑස් වල තවත් ගිනිදළු මැවුණා. ඒ එක්කම හැමෝගෙම අවදානය ඩූෆෙරෝ වෙත ගියා.

"උඹලා... උඹලා මට වංචා කරා..."

ඩූෆෙරෝ බෙරිහන් දුන්නෙ ඇස්මොඩීයස් වෙතට සාප කරන්න බැරිකමට නොඉවසිල්ලෙන් තමන්ගෙ කිරණ හතර අතේ නිකුත් කරමින්.

The Devil of the DevilsWhere stories live. Discover now