Episode 08

137 41 10
                                    

#The_Devil_Of_The_Devils
Episode 08

"ජේසන් වින්චෙස්ටර් හැටියට මානසික ඒකාග්‍රතාව ගැන මේ ලෙක්චර් එක මං කරොත් ඒක අවුලක් වෙන එකක් නෑ නේද මගෙ අයියෙ?"

ඊතන් වින්චෙස්ටර් හිටපු තැන ඇස් පිල්ලමක් ගහන මිලි තත්පරෙන් ජේ ජේ හෙවත් මගෙ ආදරණීය ඉෂ්ට දෙවියා මතු වෙලා කිව්වා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

අංශක හතලිහකට විතර බෙල්ල ඇල කරලා ජේ ජේ දිහා බලපු ඊතන් පුදුමෙන් ඒත් සැහැල්ලු හිනාවක් පෑවා..

මට එහා පැත්තෙන් ඇනා එහෙට මෙහෙට ඇඹරිලා මට කතා කරන්න උත්සාහ කරන බව පෙනුණත් මං දැක්කෙ නෑ වගේ හිටියෙ මගෙ මූණම මේ ඉෂ්ට දෙවියා හින්දා රත් වෙන හින්දා.. කෙටියෙන්ම කිව්වොත් මං හිටියෙ ඉවසන්න බැරි කේන්තියකින්..

"හොදයි මං මෙතන ඉදන් මගෙ බාල සහෝදරයා ජේසන් වින්චෙස්ටර්ට ඔයාලට දේශනය පවත්වන්න ඉඩ දෙනවා.."

ඊතන් එහෙම කියලා පැහැදිලි ඒත් ගාම්භීර හිනාවක් එක්ක නික්මුණා..

හැමෝමව පැහැදිලිව පේන තැනකට ආව ජේ ජේ මයික්‍රෆෝන් එක අතට ගත්තා.. දෙවියන්ට ඔච්චර බලයක් තියනවා නම් ඇයි බැරි මෙතන ඉන්න හැමෝමට ඇහෙන්න හයියෙන් කෑගහන්න?

"ස්තූතියි.. ඉතින්.. ඔයාලගෙ ගුරුවරයා හැටියට.. මං කැමති හැමදේම පටන්ගන්න කලින් පොඩි විස්තරයක් කරන්න..."

"ඒයි බෙලී ඒ ඔයාගෙ ඉෂ්ට දෙවියා නේද?"

ඇනා හිමින් මිමිණුවත් ඒක ළග හිටපු කීප දෙනෙක්ටම ඇහුණ බව මට හොදටම විස්වාසයි..

"නෑ... ඒ එයා නෙවේනෙ... මට හරියට මූණ මතක නෑනෙ"

මං කිව්වෙ ලැජ්ජාවෙන්...ඉෂ්ට දෙවියෙක් කොහොමද මනුස්සයෙක්ව රවට්ටන්නෙ?

"ඒ එයා තමයි.."

ඇනා කිව්වෙ ජේ ජේ දිහාවටම ඇස් අලවන්.. ප්‍රතිකාර කාමරේදි එයා මට කිව්ව දේවල් එක්ක මගෙ හිතේ එයා ගැන කළකිරීමක් ඇති වුණා.. දවස් ගාණක් කතා නොකර අපේ ආදරේ අවසන් කරපු ජේකබ් ගැන වගේම.. මතක් කරනකොටත් හිත පිච්චෙනවා වගේ දැනෙන තරම් මං ජේකබ්ට ආදරේ කරපු බව මං හිතුවෙ ඈත බලන්...

The Devil of the DevilsWhere stories live. Discover now