Episode 12

120 36 14
                                    

#The_Devil_Of_The_Devils
Episode 12

අකුණක් කෙටුවා වගේ මට එක දෙයක් මතක් වුණා... ජේ ජේ මගෙ ඉස්සරහා ප්‍රාදුර්භූත වෙන්න සතියකට කලින් සිකුරාදා අපේ ලේන් එකේ බෙල්ලෙ වැල දාගෙන මැරුණ කෙල්ල... ලියා බේකර්ස්... ජේකබ් හදිස්සියෙම අපේ ගෙදර ආවෙ එදා...

"උඹ වෙනුවට මං මැරුණට උඹට ජීවත් වෙන්න තියෙන්නෙ තව පොඩි කාලයයි..."

ලියා මගෙ හිත ඇතුළෙ ඉදන් යටිගිරියෙන් කෑගැහුවා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"ඔයා හොදින්ද?"

ජේ ජේ මගෙ මූණ අල්ලන් හිටියෙ දෑතින්ම...

"බෙලී... කතා කරන්නකො... මොකද වුණේ?"

එයා ඇද උඩ ඉදගෙන මාව ඒ පපුවට තුරුල් කරගත්ත... කදුළු නොනැවතී වැටෙද්දි මං කිටි කිටියෙ එයාට හිර වුණේ මේ වෙලාවෙ මොකක්හරි වාරුවක් මට ඕනි හින්දා...

"රිලැක්ස්... මං ඉන්නවා හරිද... අඩන්න එපා... මොකුත් වෙන්නෙ නෑ... මං ඉන්නවා ඔයාගෙ ළගම..."

එයා මගෙ කෙහෙරැලි අතරෙ ඇගිලි යවන ගමන් කිව්වා...

"ලි... ලියා... ජේ ජේ... එයාව.. එයාව ජේකබ් මර...ලා..."

හැඩුම් අතරෙන් මං කිව්වා... ජේ ජේ මුනිවත රැක්කා...

"ඒක.. ත...මා..හ...රි... එදා හදිස්සියෙම ජේ..කබ් අපේ ගෙද...ර ආවා... ඒ මතක...යයි මං දැන් ගත්තෙ... ලියා.. ලියා මට ක...තා කරා.. එ..යා.. මාව ම..රන..වා කිව්වා..."

ඉකි ගගහා මං කියද්දි ජේ ජේ මාව තවත් ඒ පපුවට ළං කරගත්තා... නොනවත්වාම මගෙ ඔළුව අතගාන ගමන් එයා සන්සුන් වෙන්න කියලා මට මිමිණුවා...

මං හොදටම ඇඩුවා... ඒත් ඒ හැමදේකටම යටින් මේ තත්පරෙත් ජේකබ්ට තුරුල් වෙන්න ඕනිකම තිබ්බා... හැමදේම හීනයක් වගේ... මට ලෝකෙ ඈතම කෙළවරට ගිහින් මේ දේවල් වලින් හැංගෙන්න තිබ්බා නම්...

"අඩන්න එපා මැණික..."

නින්දට වැටෙන අන්තිම මොහොතෙත් මගෙ හිත ඇතුලෙන් ජේකබ්ගෙ කටහඬ ඇහුණා...

මං දැක්කෙ ජේකබ් මං ළග හිටගෙන ඉන්න හැටි... මට ළං වෙන්නවත් බැරුව අසරණ බැල්මක් දෑස් වල රදවන් බලන් ඉන්න හැටි... ඒක හීනයක්ද හැබෑවක්ද කියලා තේරුම් ගන්න බැරි තරම් සංකිර්ණ කියාගන්න බැරි හැගීමක් මට දැනුණෙ... අන්තිමේ මට දැනුණෙ සීතල දෙතොලක පහසක් දකුණු කම්මුලට...

The Devil of the DevilsOù les histoires vivent. Découvrez maintenant