Episode 14

100 33 2
                                    

#The_Devil_Of_The_Devils
Episode 14

"සතුට කියන දේ මං හරියටම වින්දෙ මගෙ පවුලෙ අය එක්ක... මගෙ ආදරේ එක්ක... අපි යන්න ඕනි දැන්..."

ස්ථිර විදිහට කිව්ව ජේකබ් හැරුණා...

"ඉන්න... ඔයා මගෙ නම දන්නෙ නෑනෙ..."

තරුණිය මගෙ අතින් අල්ලලා නැවැත්තුවා... ඊළග මොහොතේ එයා පැළදගෙන හිටපු සන්ග්ලාසස් අයින් කරා...

අතීත මතක අස්සෙ සැරිසරපු මගෙ හිත ගැස්සුණා...

ලිඩියා... මැඩම් ලිඩියා ජේකබ්ගෙ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්?

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"බෙලී..."

කවුරුහරි කතා කරනවා මට ඇහුණා... ඇනා... ඒ එයා... ඒ එයාගෙ කටහඬ....

මං ඇස් ඇරියා... පොළොවට අඩි කීපයක් උඩින් හිටපු මට දැනුණෙ සැහැල්ලු ඒ වගේම ශක්තිමත් හැගීමක්... පුළුන් රොදක් වගෙයි මං වාතයෙ රැදිලා හිටියෙ... එරමිණියා ගොතාගෙන  ඉදගෙන හිටියත් මගෙ බර දරාගන්න කිසිම ආධාරකයක් ඕනි නැති තරම් මගෙ ඇග සැහැල්ලුයි... මං අපිට කියලා දුන්න විදිහටම පහළට ආවෙ කකුල් දෙක පොළොව තියලා හිටගෙන...

"ඇයි?"

මගෙ කටහඬ තැන්පත්... හිත එකග කරගැනීමෙන් මට ලැබුණු සැහැල්ලු ස්වභාවය ඒකට හේතු වුණා කියලයි මට තේරුණෙ...

ඒත් ඇනා හිටියෙ සම්පූර්ණයෙන්ම කලබල වෙලා... සෞම්‍ය දේශගුණයක් තිබුණත් එයාගෙ මූණෙත් නළලෙත්  දාඩිය හොදටම රැදිලා තිබ්බා... දෙතොල් විවර වෙලා තිබුණෙ වෙවුලන හින්දමද කොහෙද...

"මට ජොආනා කතා කරා... මේ දැන්... මට බයයි... මට බයයි..."

ඇනා තමන්ගෙ ඉෂ්ට දෙවියා ගැන කියන ගමන් මගෙ අතින් අල්ලගත්තා...

"මොකද්ද වුණේ?"

මං ඇහුවෙ වටේපිටේට ඇස් යවන ගමන්... අපි එක්ක හිටපු කණ්ඩායමේ හැමෝම යන්න ගිහින් තිබ්බා...

"මං මනස එක කරගැනීමේ අභ්‍යාස කර කර ඉද්දි ජොආනා කතා කරේ... මමයි හැමෝම දන්න දෛවයක් තියන මායාකාරයා කියලා හොයාගෙන... මැඩම් එළිසබෙත්ලා අපිව බිල්ලට දෙන්නලු යන්නෙ... බෙලිස්සා ප්ලීස් අපි මෙතනින් යමු ප්ලීස්... ජොආනා මාව එක්කන් යනවා කිව්වා..."

The Devil of the DevilsWhere stories live. Discover now