Episode 21

102 33 0
                                    

#The_Devil_Of_The_Devils
Episode 21

"එයා යක්ෂයෙක් විතරක්ම නෙවේ. යක්ෂයන්ගෙත් යක්ෂයා, තුන් ලෝකයටම රජ වෙන්න ඉන්න කෙනා. ඒඩ්න් ඇමනෙඩියෙල් වින්චෙස්ටර්..."

ඇන්ඩ්‍රියානා... ඇස්මොඩීයස්ගෙ රැජිණගෙ අභිමානවත් කටහඩ දෝංකාර දුන්නා.

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

❌❌❌ජේකබ්ගෙත්-මගෙත් මතක අංක 04❌❌❌

ජේකබ් මාව ඇදලා තුරුලට ගත්තා. තෘප්තිමත් හැගීමෙන් මං එයාට මාව ඇදලා ගන්න ඉඩ දුන්නා. ටික වෙලාවක් මාව ඒ තුරුලෙ රදවන් හිටපු ජේකබ් බ්ලැන්කට් එක පහත් කරලා මගෙ නිරුවත් ලැමැදේ ඔළුව තියාගත්තා.

දැක්කම ආසා හිතෙන ඒ කොණ්ඩෙ මං ඇගිලි යැව්වෙ ආදරෙන්. ජේකබ් ගැන නොසෑහෙන්න ආදරේකින් මගෙ හිත පිරිලා තිබ්බෙ.

"බබා..."

"ම්ම්ම්..."

"දෙයක් අහන්නද?"

"මොකද්ද?"

ජේකබ් මගෙ පපුවෙන් ඔළුව අරන් මූණට එබුණා.

"ඔයාගෙ අම්මා ඔයාගෙ ඇත්තම අම්මා නෙවේ කියලා දැනගත්තොත් ඔයා මොකද කරන්නෙ?"

මං ඒ ඇස් දිහා බලන් හිටියා.

"මගෙ අම්මා මගෙ ඇත්තම අම්මා තමයි ජේකබ් ඔයා මොනාද මේ අහන්නෙ?"

එයා ඔළුව වැනුවා. ඊටපස්සෙ ඇදෙන් නැගිටලා මාව ඇද්දා. මං ඇදේ අයිනට පෙරලුණෙ එයාව මගහැරලා.

"ඔයා වොශ් දාන් එන්න. මට මෙහෙම ඉන්න ඕනි අනේ"

කම්මැලිකමේ මං කිව්වා. අනික් පැත්තෙන් ආව ජේකබ් මාව අත් දෙකට අරගත්තා.

"යමන් කම්මැලිච්චි..."

එයා මාව බාතෲම් එකට එක්කන් ගියා. ටික වෙලාවක් නෑව මං බාත්ටබ් එක ළග පඩිපෙළේ ඉදගෙන ජේකබ් ශවර් එක යට ඉදන් කොණ්ඩෙ හෝදන හැටි බලන් හිටියා. මගෙ සෙක්සි කසින්. ඒ මූණ, ඇග හැමදේම දිහා කොච්චර බලන් හිටියත් මට එපා වෙන්නෙ නැති තරම්. දන්න අදුරන කාලෙ ඉදන් හිතින් ආදරේ කරපු මට එයාව හම්බුණ එක ප්‍රාතිහාර්යයක්.

"ජේකබ්..."

එයා මං දිහාවට හැරිලා ඇයි ඇහුව...

The Devil of the DevilsWhere stories live. Discover now