Episode 05

156 46 6
                                    

#The_Devil_Of_The_Devils
Episode 05

මං මේ බලන් හිටියෙ ආධුනික මායාකාරයෙක් හැටියට මාව ලියාපදිංචි කරනකන්. සුර අසුර යුද්දෙන් පස්සෙ මේකලු මේ සක්වලේ ඇති වෙන්න යන ලොකුම විප්ලවය.. මට ටිකක් එහායින් ආරක්ෂිත ලෙස මගෙ රැවීම් ගෙරවීම් වලට පිටුපාලා ජේ ජේ හිටියා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

ඒත් එක පාරටම ලොකු සද්දෙකුත් එක්ක අපි හැමෝම හිටපු තැන, එන්ට්‍රන්ස් එකට කිලෝමීටර් බාගයක් විතර ඈතින් හදලා තිබ්බ ස්ටේජ් එකේ පුටු වල මිනිස්සු පහළ වුණා.. ඔව් එයාලා ඊට කලින් එතන හිටියෙ නෑ.. නැත්නම් මට පෙනිලා තිබ්බෙ නෑ.. ඒ එක්කම අපේ පෝළිම වේගෙන් ඉස්සරහට ඇදෙන්න ගත්තා. එළිමහන් තැනක අටවලා තිබ්බ ලොකු රතු වේදිකාවකුත්, සීයක් දෙසීයක් සෙනගකුත් ඇරෙන්න මෙතන කිසිම විශේශත්වයක් නෑ.. මේ කොහෙද කියලා ජේ ජේගෙන් අහන්න තරම් මගෙ ලොකුකම යටත් වුණේ නෑ...

"සමාවෙන්න.. ටිකක් ඉක්මන් කරලා යන්න පුළුවන්ද?"

මගෙ පිටිපස්සෙන් කියනවා ඇහුණා.. ජේ ජේ එක්ක තිබ්බ කේන්තිය පිටින්ම මං හැරිලා බැලුවා..

"මෙතන මනුස්සයා කව්ද ඉෂ්ට දෙයියා කව්ද?"

මං ඇහුවෙ තරහින්.. ජේ ජේගෙ කට ඇරුණා..

"මම... මමයි ඔයාට ඉස්සරහට යන්න කිව්වෙ.. ඒක පටන්ගන්නයි යන්නෙ.."

බටර් පාට කොණ්ඩ දෙකක් ගොතන් හිටපු ගෑණු ළමයා කිව්වා.. එයා හිටියෙ ගෑණු ළමයෙක් වෙච්ච එයාගෙ ඉෂ්ට දෙවියගෙ අතින් අල්ලගෙන.. හොදට බලනකොට එයාගෙ ඉෂ්ට දෙවියත් ඒ මෝස්තරෙන්ම කොණ්ඩෙ හදාගෙන ඒ වගේම ඇදුමක් ඇදගෙන හිටියා..

"දෙයියනේ මුං දෙන්නා ලෙස්බියන්ද!"

මගෙ කටින් පිටවුණා..

"මොකද්ද?"

ගෑණු ළමයා මගෙන් ඇහුවෙ උනන්දුවෙන්... ජේ ජේ මගෙ අතින් අදින්න ගත්තාත් මං එයාලට සමාන්තර වුණා..මට විශ්වාසයි මෙතන වෙන හූනියම මට මෙයාලගෙන් දැනගන්න පුළුවන් කියලා..

"හායි මං බෙලිස්සා ස්ටෑන්.. ඔයා?"

"ඔහ් හායි.. මං ඇනා වයිට්.. මේ ඉන්නෙ මගෙ ඉෂ්‍ට දෙවියා ජේ ජේ.."

The Devil of the DevilsWhere stories live. Discover now