Episode 18

91 31 2
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 18

"මේක ඔයාලගෙ ඉරණම... නේද?"

එයා නැවතිලා ආපිට ඇහුවා.

"ඔයා ඒඩ්න් වින්චෙස්ටර් වගේ..."

මං, තුරුම්පු ආසියා දැම්මා.

"ඔව්... එහෙම වෙන්න ඕනිනෙ. ඒ මගෙ සහෝදරයානෙ..."

හැරිලා බලපු ජොයෙල් මගෙ ඇස් දිහා කෙලින් බලාගෙනම මිමිණුවා.

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

'ඔව්. මං ඒක දැකපු වෙලාවෙම අනුමාන කරා. මට ඕනි වුණේ ඒක තහවුරු කරගන්න විතරයි.'

මගෙ සිතුවිලි උත්තර දුන්නා. ජොයෙල් පූසාවත් දෑතට අරන් ඇවිදන් ගියා. ලෝහ කූරු වලින් හැදුණ ද්වාරය අගුළු දාලා තිබ්බෙ නැතත් ඒකෙන් එළියට යන්න අපි කාටවත් උවමනාවක් නෑ. සමහරවිට ඒ හින්දමද මංදා ඒ අය ඒක අගුළු දැම්මෙ නැත්තෙත්. ජොයෙල් එන්න කලිනුත් ඒකෙ අගුළු දාලා තිබ්බද නැද්ද කියලා මං දන්නෙ නෑ.

එයා අපිට කෑමට යමක් ගෙනැල්ලා තිබ්බා. සුප්. කොළ පාටට හුරු සුප් එකක්. බැලූ බැල්මට ඒකෙ වරදක් නොතිබුණත් අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරි ඒක බොන්න උනන්දුවක් දැක්වුවෙ නෑ.

"බෙලී... අපි දැන් මොකද්ද කරන්නෙ? මට බයයි දෙයියනේ"

ඇනා රූටලා මං හිටපු තැනින් ඇවිත් වාඩි වුණා. ඇබිගෙල් අපිට පිටුපාලා එයා හිටපු ඇදේ නිදාගත්තා.

"එයාට නම් මොකද අපිව පාවලා දීලා එයාට වරප්‍රසාද ගන්න පුළුවන්නෙ"

මගෙන් උත්තරයක් නැති තැන ඇනා මං බලන් ඉන්න ඇබිගෙල් දිහා බලාගෙනම කිව්වා. ඒකට ඇබිගෙල්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන එයා තව දුරටත් කිව්වා.

"ඒත් එයා යක්ෂයින්ට උදව් කරා නම් ඇයි එයාව අපි එක්ක දැම්මෙ?"

මටත් ඒකට උත්තරයක් තිබුණෙ නෑ.

"ඇනා... අපිට කරන්න පුළුවන් එකම දේ හිතේ ඒකාග්‍රතාව තියාගන්න එක විතරයි. අපි ඒ දේ කරමු. මං හිතන්නෑ අපිට පැනලා යන්න පුළුවන් වෙයි කියලා"

මගේ කටහඬ දෝංකාර දුන්නා. සාමාන්‍යයෙන් මං කියන්න ඕනි ධනාත්මක දෙයක් නේද? නැත්නම් මොළේ පාවිච්චි කරලා මේකෙන් ගැලවෙන්න විදිහක්? රණශූරියක් වගේ මොළකාර ප්ලෑනක් ගහලා ඇනාත් එක්ක ආපහු ෂින් ආරාමෙට ගිහින් විරුද්ධ පක්ෂයෙ දෙවිවරුන්ට මේ ගැන කියලා ලෝකෙ බේරගන්නවා වගේ දෙයක්?

The Devil of the Devilsحيث تعيش القصص. اكتشف الآن