Episode 25

95 29 4
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 25

❌ සංවේදී කොටස් අඩංගු විය හැකියි ❌

චණ්ඩ විදිහට හුළග හැමුවා. ඒඩ්න් වින්චෙස්ටර් මං දිහා බලන් හිටියා. ඒ මූණෙ හැගීම් මට කියවන්න අමාරුයි. මරන් කන්න තරම් වෛරයක් මට හිතුණෙ. මට මං ගැනම තරහයි ඒ තරම් විශ්වාස කරපු එකට. පොඩිකාලෙ ඉදන්ම එකට හිටියත් මට ආදරෙයි කිව්වත් එයා මාව රැවැට්ටුවා. අපේ මතක බල්ලට ගිය දෙන්... හැමදේම මැරෙන්න ඕනි. හැම මතකයක්ම, හැම දේම හැමදේම මට මේ කාලකන්නි ලෝකෙන් යන්න ඕනි.

මගෙ හදවත පිස්සු නැටුවා. නොඉවසිල්ලෙන් මං ඒ මේ අත බැලුවා. මට ඕනි... මට ඕනි...

මට ඒඩ්න් වින්චෙස්ටර්ව මරන්න ඕනි...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

ඉහවහා යන කේන්තියක් මගේ හිතේ බුර බුරා නැගෙද්දි අනික් පැත්තෙන් ඒක නිවන්න හිත සන්සුන් කරගන්න මං දැගලුවා. සමහරවිට මට මෙහෙම වෙන්නෙ වටේටම කැරෙකෙන අත්භූත බලවේග හින්දා වෙන්න පුළුවන්. අනික් හැම මායාකාරයෙක්ම සන්සුන් සිතින් හැල හොල්මනක් නැතුව බලන් ඉද්දි මං විතරක් ඔළුව හරව හරව සිතුවිලි පාලනය කරගන්න උත්සාහ දරන එකට මට දැනුණෙ ලැජ්ජාවක්.

ඊටත් වඩා අවුල් සහගත හැගීමක්. ඇනාව මට පේන්න නොතිබ්බෙ අංක පිළිවෙලට අපි හිටපු හින්ද එයා ඉස්සරහින් හිටපු නිසා. එයාටත් මගෙ තත්වෙ උදා වෙලාද කියලා දැකගන්න මට ඕනි වුණා. නික් හරි වරූණ් හරි පේන්න හිටියෙත් නෑ.

ආපහු මගෙ ඇස් ඒඩ්න්ගෙ දෑස් එක්ක පැටලුනා.

මොහොතකින් හැමදේම නැවතුණා. අපේ ආදරේ... ඒ සිතුවිලි වල මං කිමිදුණා. ටික ටික හිත සන්සුන් වෙද්දි මං අහක බලාගත්තා. මටත් පිස්සු...

පැයයි විනාඩි ගණනක් පූජාව පැවැත්වුණා. හිටගෙන ඉන්නවට වඩා හොදයි මැරිලා යනවා නම් කියලා නොහිතුණා නෙවේ. බයටම මගෙ ඇගේ හිරිගඩු පිපිලා තිබ්බෙ. සැරින් සැරේට හමන් යන කළු පාට දුම් වලාව අත්භූත බලවේග කියලා කොහොමහරි මං දැනන් හිටියා.

ඇස් කරකවන්න පවා බයක් දැනුණෙ ඉස්සරහා ඉන්න යක්ෂ පාලක මණ්ඩලය හින්දා. දශමයක්වත් වෙනස් නොවී අත්භූත විදිහට ඉන්න කළු ලෝගු ඇදන් ඉන්න මිනී ඔළු දකින එක සුභ දෙයක් නෙවේ. ඒක සම්පූර්ණයෙන්ම භීතිය ඇති කරවන දෙයක්.

The Devil of the DevilsWhere stories live. Discover now