Episode 30

86 29 1
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 30

ක්ෂණිකවම අකුණක් කෙටුවා වගේ මගෙ ඔළුවට අදහසක් ආවා. ඒක කොයි තරම් භයානක විපත්තිදායක අදහසක් වුණත් මට මාව නවත්තන්න බැරි වුණා. කකුල් දෙකට ශක්තිය දෙන්නත් කලින් වාතය හරහා මං පීඨිකාව මැදට පැන්නා!

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

පහළ ඉන්න යක්ෂ සාමාන්‍ය ජනතාවත් වටේට හිටපු සාමාන්‍ය භූතයො,පිසාචයො ටිකත් හැරෙන්න කවුරුත් කිසිම කලබලයක් කළේ නෑ. ඒ කියන්නෙ එතන හිටපු බලසම්පන්න උදවිය කිසිම කෙනෙක් මගෙ මැදිහත් වීමෙන් කම්පනයට පත් වෙච්ච පාටක් නම් නෑ. මොකද සාමාන්‍ය මායාකාරයෙක් වෙච්චි මගේ කඩාපාත් වීම එයාලට ආබාධයක් ඇති කළේ නෑ කියලා තමා මට හිතුණෙ.

ඒගොල්ලො දිගටම යාඥාව කරගෙන ගියෙ මගෙ ඉස්සරහා මායාවේ අසිපත ලෙල දෙද්දි. ඒක නිකන් මට අභියෝග කරන්න වගේ දිලිසි දිලිසි මගෙ ඉස්සරහා පොකුණ උඩින් මිට බිම් පැත්තට තියන විදිහට අහසෙ සැරින් සැරේට දීප්තිමත් කිරණ විහිදුවමින් බැබළුණා. හිතට අසීමිත දුකක් කලකිරීමක් ඇති කරවන පළවෙනි මායාකාරිගෙ මළ සිරුර ළග මං හිටගෙන හිටියා. ආත්මය ඒ සිරුරෙන් අයින් වෙද්දි අන්ධකාරයෙ අසිපතෙන් නිකුත් වෙච්ච රතු ආලෝකයෙන් ඒක ලෝදිය පොකුණු ඇතුළට ගියා.

මං හිටියෙ කැළඹීමෙන්? නෑ... මං හිටපු හැගීම මට විස්තර කරන්නත් බැරි තරම්. මගෙ හිතට ලොකු කලකිරීමක් වගේ දෙයක් දැනුණෙ. ඒත් ක්ෂණිකවම  ඒකෙන් ඉන් ඔබ්බට ගිහින් මගෙ හිත සන්සුන් නිහඩ නිශ්චල එකක් බවට පරිවර්තනය වුණා. කකුල් දෙක ළග තිබ්බ මළ සිරුර හින්දා ඇති වුණ දුකත්, තරහවත් මුසු වුණ හැගීමකට පස්සෙ එලබුණ කලකිරීමෙන් ඔබ්බට ගිය හැගීමක් තමා මට තිබ්බෙ. ඒක මට විස්තර කරන්නවත් බැරි තරම්.

රුධිර බිංදුවක සේයාවක්වත් නැති මායාවේ අසිපත  ආලෝක කිරණ නිකුත් කරමින් පොකුණ උඩ විරාජමාන වුණා. ද්වේශ සහගත, කලකිරීම මුසු බියපත් හැගීම් ඒක විසින් ඇති කරා.

එවෙලෙ තමා ඩූෆෙරෝ ක්‍රියාත්මක වුණේ. යක්ෂයන්ගෙත් යක්ෂයා වුණ ඇස්මොඩීයස්ටත් කලින්!!!

"විනාශ වේවා...!!!"

දෙවනත් වෙන ගැඹුරු කටහඩකින් ඩූෆෙරෝ  අණ කරද්දි,ඇස්මොඩීයස් සහ පූජකයො ඒකට එකතු වුණා. සිරස් අතට කැරකුණ අසිපත කැරකෙන්න ගත්තා. ඒ කියන්නෙ ඊළග මොහොතේ අපි හැමෝගෙම බෙලි එකපාරින්ම කැපිලා යන බව මං තේරුම් ගත්තා.

The Devil of the DevilsWhere stories live. Discover now