Episode 01

791 65 5
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 01

❌   ❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

මං හිටියෙ රෝලන්ඩ් සිටි උද්‍යානයේ බංකුවක් උඩට වෙලා...

මට මීටර් කීපයක් එහායින් එක පෙළට පේන වාහන පෝළිමත්, ඊට මෙහායින් කාර්‍යබහුල ස්වරූපයෙන් වේගයෙන් ඇවිදින මිනිස්සු දිහාත් මං බලන් හිටියෙ අරමුණක් නැතුව.. හරියට මගෙ හිත ඇතුළෙ කැකෑරෙන වේදනාව එයාලා අතරෙ ඇස් කැරකෙව්වම අඩු වෙනවා වගේ...

ජේකබ් ස්ටෑන්.. ආදරණීය වසර තුනකට පස්සෙ අපේ ආදර සම්බන්ධෙ ඊයෙ නතර වුණ එක ගැන මං හිටියෙ කියාගන්න බැරි හිතේ අමාරුවකින්..

අපහැදිලි හැගීම් ගොන්නකින් මාව වෙළිලා තිබ්බෙ. අඩන්නත් බැරි හිනා වෙන්නත් බැරි හැගීමක්. මං ඉවසගෙන හිටියත් පපුව ඇතුළෙන් දැනෙන වේදනාවත් කොහෙන්හරි එළියට පනින්න බලං ඉන්න කදුළුත් කෑ මොර දුන්නා..

කිසිම කෙනෙක්ට නොකියා නැතුව මං කොලේජ් නොයා උද්‍යානය දිහාවට ආවෙ පැය බාගෙකට විතර කලින්..

"ලොකු කල්පනාවක වගේ..."

වම් පැත්තෙන් කටහඩක් ඇහුණ හින්දම මං අංශක අසූවකට විතර බෙල්ල හැරෙව්වා.. වයස හැටක හෝ පණස් ගානේ අග බාගයේ වගේ පෙනුම තියන මනුස්සයෙක් ඉරි ඉරි කලිසමක් ඇදගෙන බංකුව අයිනෙ ඉදගෙන හිටියෙ සිගරට්ටුවකුත් දල්වගෙන... අව් කණ්නාඩි දෙකකුත් එක්ක කකුලක් පිට කකුලක් දාගෙන මිනිහා අශීලාචාර විදිහට කකුල හෙල්ලුවෙ දුම් වළලු පා කරන ගමන්..

මං පොඩ්ඩක් ඔළුව ඉස්සරහට කරලා 'දුම්බීම තහනම්' කියලා ඉස්සරහින් ගහලා තියෙන දැන්වීම පෙන්නුවා..

"අහා..හාහ්... මට ඕක හරියට අමතක වෙනවා.. ඔව් ඇත්තමයි.."

පොර අපහසුවෙන් වගේ හිනා වෙලා කකුලෙන් පාගලා සිගරට් එක ළග තිබ්බ ඩස්ට්බින් එකට දැම්මා..ඊටපස්සෙ මං දිහා බැලුවෙ බරසාර කතාබහක් කරන්න මූණ හදන්...

"ඉතින්... බෙලිස්සා ස්ටෑන්... අපි දැන් කතා කරන්න ඕනි.."

"ඔයා කියන්න හදන්නෙ පහුගිය සිකුරාදා අපේ ලේන් එකේ හතරවෙනි ගෙදර එල්ලිලා මැරුණ කෙල්ලගෙ මරණෙට මගෙන් කටඋත්තරයක් ගන්න ආව රහස් පරීක්ෂකයෙක් කියලා නම්.. සමාවෙන්න මං මේ වෙනකොට සිය දෙනෙක්ටම ඒක ගැන කියලා තියනවා.. තව බෑ..."

මං නාකි මිනිහව කෙළින්ම කපලා දැම්මා... මට මේ වෙලාවෙ ඕනි වුණේ තනියම ටිකක් කල්පනා කරන්න.. ඒකටමයි මං මෙතනට ආවෙත්..

"ඕ නෑ නෑ... මං ආවෙ ඔයාට උදව් කරන්න..."

අත්දෙක ලාවට වනලා එයා කිව්වා...මං ඒ මූණෙ ඉරියව් හොදට බලලා කතා කරා..

"උදව් කරන්න? මේ මට? මොනාටද?"

මං එහෙම ඇහුවත් මට හීන් දාඩිය දාන්න වගේ නිකන්.. මං කරපු මොන වැඩේ ගැනද මේ මිනිහා කතා කරන්නෙ? ඇත්තටම කව්ද මේ?

"මං ආවෙ ඔයාගෙයි ජේකබ් ස්ටෑන්ගෙයි බ්‍රේක් අප් එක ගැන කතා කරන්න..."

"වට් ද %$$@$?"

මගෙ කටින් එළියට පැන්නා... මට හොදටම විශ්වාසයි මං ඒක මේ වෙනකන් ස්ටෙලාට ඇරෙන්න වෙන කාටවත් කිව්වෙ නෑ කියලාත් කිසිම ස්නැප් එකක් ශෙයාර් කරේ නෑ කියලත්. මේ මිනිහා මගෙ පස්සෙන් එන රහස් පරීක්ෂකයෙක්වත්ද????? ජේකබ්ගෙයි මගෙයි රිලේශන්ශිප් එක දැනන් හිටියෙ දෑතෙ ඇගිලි ගාණටත් අඩු පිරිසක්...

"මං දන්නෑ දැන් හැදෙන ළමයි මීට වඩා හොද විදිහකට වැඩිහිටියන්ට ගරු කරන්න දන්නෙ නැත්තෙ ඇයි කියලා?"

එයා කිව්වෙ එහෙම වුණත් එයාගෙ කටහඩේ තිබ්බෙ උද්‍යෝගිමත් බවක්...

"සමාවෙන්න... මට කාගෙවත් උදව් අවශ්‍ය නෑ... "

"ජේකබ් ස්ටෑන් ඔයාගෙ කසින් බව ඇත්ත... ඒත් මෙතන ඊට වඩා දෙයක් තියනවා... ඒකමයි මං අද ආවෙ..."

"එතකොට ඔහේ කව්ද මාත් එක්ක මේ දේවල් කතා කරන්න?"

මං ඇහුවෙ වටපිටාව ගැනත් අවදානය යොමු කරලා...අපේ කතාබහ එයාලා නොදකින තරම් නොඇසෙන තරම් කාර්‍යබහුලයි..එයා ලා හිනාවක් දාලා ඔෆීශියල් විදිහට ඉදගත්තා..

" මමයි ඔයාට අයිති ඉශ්ට දෙවියා...මං ආවෙ ඔයාට උදව් කරන්න..."

"මොකක්??????????????"

To be continued...... 😉

❌   ❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

අළුත් කතාවකින් ආයෙමත්... ❤️
PC :- Lasindu Nirman

The Devil of the DevilsWhere stories live. Discover now