Episode 11

116 41 6
                                    

#The_Devil_Of_The_Devils
Episode 11

හදිස්සියෙම... එක තත්පරේකදි ඒ ඇස් මට අගලක් විතර ආසන්නයෙන් ළං වෙලා පෙනුණා...

විශ්වාස කරන්න...

ඒ ඇස් ඇතුළෙන් මං දැක්කෙ මගෙ පිටිපස්සෙන් මගෙ සිරුර පුරාම ගිනි ජාලා මතු වෙලා තියෙන හැටි!

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"කොහොමද එහෙම වුණේ?"

මං ඇහුවෙ ජේ ජේගෙන්...

"මං දන්නෑ..."

එයා දෑත් අතරෙ ඔළුව හිර කරගෙන කිව්වා... අපි ආපහු රෝහල් කාමරේ... අසනීප ගතියකින් හිටපු මාව එක්කන් ආවෙත් එයාමයි...

"ජේ ජේ... මොකද්ද වැරැද්ද?"

මං ඇහුවෙ එයාගෙ කරදරකාරී ස්භාවය තේරුම් ගන්න බැරුව...

හරි නම් එයා සතුටු වෙන්න ඕනි නේද මගෙ ඉෂ්ට දේවතාවා හැටියට මේ ගැන? ( ඒ ගැන මට සැකයක් මතු වෙලා තිබ්බෙ මගුල) ඒත් ඒ වෙනුවට එයා සෑහෙන්න බය වෙලා කරකියා ගන්න දෙයක් නෑ වගෙයි හැසිරුණේ...

"මොකුත් නෑ කිව්වනෙ..."

"එහෙනම් ඔයා ඔහොම ඉන්නෙ..."

මං අහිංසක කටහඩකින් කිව්වා... මං දන්නවා කොල්ලගෙන් කතාව අහගන්න ඕනි ක්‍රමේ...

"මට ඕනි හින්දා..."

මූ කියපි...

"දැන් මං මට එහෙම වුණ එක වැරදිද?"

"එහෙම දෙයක් මං කිව්වෙ නෑනෙ..."

"එහෙනම් ඇයි අවුලෙන් ඉන්නෙ... ඕනි මෝඩයෙක්ට ඔයා ඉන්න විදිහෙන් තේරෙනවා ඒක..."

මං ඇහුවා...

"දැන් කිව්වා නේද එක පාරක්..."

"හුම්ම්... හොදයි..."

මං මූණ අකුළගත්තා...

ආපහු කොට්ටෙට ඔළුව තියාගන්න ගමන් මං කල්පනා කලා... ජේ ජේ ළග ඉද්දි මට පහසුවෙන් ඉන්න හරිම අපහසුයි...

"එයාලා හිතන්නෙ ඔයයි එකසිය හතළිස් හත කියලා... ඒකයි මෙතන ප්‍රශ්නෙ..."

"ඉතින් ඕක ඔච්චර ස්ට්‍රෙස් වෙන්න දෙයක්ද? මං එයා නෙවේ කියන්න... එතකොට හරිනෙ... මැඩම් එළිසබෙත් වුණත් මං නෙවේ කියලා දන්නවානෙ..."

The Devil of the DevilsWhere stories live. Discover now