Episode 16

90 30 3
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 16

මගෙ කණ් ළග කෑගහන ආත්මත්, පිටිපස්සෙන් හිටගෙන කවුරුහරි ඉන්නවා කියලා දැනෙද්දිත් කකුල් දෙක වෙවුලන්න ගත්තා. සැරින් සැරේට අත් වලින් අදින සීතල දෑත් පහස මට දැනෙද්දි මං ඇස් ඇරියා.

යක්ෂයන්ගෙ ලෝකයට, යක්ෂයන්ගෙත් යක්ෂයාට මූණ දීමේ බලාපොරොත්තුවෙන්... මගේ සුරදූතයා විදිහට රගපෑව අසුරදූතයා, ජේසන් වින්චෙස්ටර්ව දැකගැනීමේ අරමුණින්... මං ඇස් ඇරියා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"තුන් ලෝකයටම අධිපති වූත්, චක්‍රාවාට සියල්ලගේම ශ්‍රේෂ්ඨම නායකයා වූත්, සාතන්ගේ පුත්‍රයා වූත්, සුරයන් පරදවා අසුරයන්ට යහපත සලසන්නාවූ මහා උත්තම..."

"සැරදේවා! ඇස්මොඩීයස් ඩිමෝග්‍රගන් වින්චෙස්ටර්"

දිග කළු ලෝගු ඇදගත්ත උස ආත්මයන් ඒ හැම ආසනයකම ඉදගෙන හිටියා. මැරුණ මනුස්සයෙක්ගෙ සිරුරෙ හම ලේ මස් නහර ඔක්කොම අයින් වුණාට පස්සෙ තියන ඇටකටු මිනී ඔළුව විතරක් කළු ලෝගු උඩින් මතු වෙලා තිබුණෙ හරියට සොහොනක ඉන්නවා වගේ හැගීමක් හිතට දැනෙද්දි.

යක්ෂයන්ගෙත් යක්ෂයා, දෙවියන්ගෙ ප්‍රධානම සතුරා, අසුරයන්ගෙ රජතුමා... මූණ තියෙන්න ඕනි තැන ඇට ගැහුණු හිස් කබලක් තිබුණ එයාගෙ ඇස් වල ගැඹුරු කුහර තිබ්බෙ ඉමක් කොණක් නොපෙනෙන පතුලක් වගේ. තනිකරම කළු පාට ඒ හිස් කබල ඇදන් ඉන්න කළු ලෝගුවෙන් වෙන් වෙලා පැහැදිලිව පේන තරම් දීප්තිමත්.

කළු මැණික් ගල් එබ්බවපු ආසනය අඩි තුනක් විතර පොළොවට සමාන්තරව විහිදිලා තිබ්බෙ මධ්‍යතන යුහයේ අමුතු මිනී පෙට්ටි සිහිගන්වමින්. ඉදි කටු වගේ තියුණු තුඩු එකිනෙක එකතු වෙලා ඒ මැදින් හැම අතටම විසිරිලා තිබ්බා. උස සර්පයෙක් වෙලිලා ඉන්න යෂ්ටියක් අතේ දරාගෙන හිටපු එයාගෙ පෙනුම... මං ජීවිතේට දැකපු බයංකාරම පුද්ගලයා.

ඈතින් ඝණ්ඨාර හඩක් ඇහුණෙ මගෙ ඇග හිරි වැටීගෙන යද්දි. එක එල්ලෙම ඒ ගැඹුරු කුහර තියන මිනී ඔළුව අපි දිහාවට යොමු වෙලා තිබ්බා. කිසිම චලනයක් හෝ නැතුව. ශාලාවම අත්භූත විදිහට නිහඩ වෙලා තිබ්බෙ කිසිවෙකුටත් බාදාවක් නොවෙන විදිහට.

The Devil of the DevilsWhere stories live. Discover now