Episode 15

106 35 3
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 15

"ඔව්... ඔයා එනවා නේද යන්න? ඉන්නවා කියන්න එපා මං ඔයාව කොහොමහරි එක්කන් යනවා..."

ඇනා මං දිහා බලලා ඇහුවෙ... ඒ දෑස් වල අවංකකම හැරුණම මොකුත් තිබුණෙ නෑ...

"මං එනවා... මං මැරෙන්න කැමති නෑ...."

මං කිව්වෙ අවංක හැගීම... ඒත් ඊට යටින් මගෙ හිත ඇතුළෙන් මොකද්දෝ දෙයක් වර්ධනය වෙමින් තිබ්බා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

හැමතැනම කලබල ස්භාවයක් තිබ්බෙ ඇයි කියන්න මම දන්නෙ නෑ. ඒ මට පේන, දැනෙන විදිහද නැත්නම් ඇත්තටම එහෙමද කියලා මට තේරුමක් නෑ. ඒක නොතේරෙන අසරණ හැගීමක්. මං මොකද්ද ඇත්තටම කරන්න ඕනි,මොකද්ද හරි කියලා කියන්න මට අදහසක් නෑ. මං හුස්ම ගත්තා. ඒත් ජීවී බවක් මගෙ හිතේ තිබුණෙ නෑ. නොපෙනෙන අත්භූත බයක්,හිත ඇතුළෙ පැසවන ඒත් කවදාවත් හොද නොවෙන, හොද වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැරි හැගීමක් ඒක.

මං හිටියෙ බලාපොරොත්තු රහිතව. ජේකබ්, අම්මා,කොලේජ් එකේ මගෙ යාළුවො,ජේ ජේ ඇතුලු හැමෝම ගැන මට දැනුණෙ නොපැහැදුණු හැගීම්. ඒ මගෙ මනසෙ තිබ්බ අවුල් සහගත බව හින්දා වෙන්නැති. ඒත් කොච්චර හිත ශක්තිමත් කරගන්න මං උත්සාහ කරත් ඒක මට බැරි වුණා.

ඇබිගෙල් නිදන කාමරේ ඒ මේ අත ඇවිද්දෙ නොසන්සුන්කම මග හැරගන්න. එයා හැමදේම දැනගත්තත් කරන්න ඕනි මොකද්ද කියලා එයාටවත් හිතාගන්න බැරුව හිටියෙ. ඕඩ්‍රේත් එයාගෙ යාළුවොත් අපේ නිහඩ අමුතු හැසිරීම් දිහා බලන් හිටියත් මොකුත් කියන්න ඉදිරිපත් වුණේ නෑ.

ඇනා බලාගත්තු අත බලන් හිටියා. ඉරණම ලියැවුණු මායාකාරයා යක්ෂයන්ට බිලි වෙනවා කියලා ඇබිගෙල් මට කිව්වත් ඒ වෙලෙ ඇනාත් ඒක අහන් හිටපු හින්දද මංදා ඇස් දෙකත් ලොකු කරන් එයා හිටියෙ හොද සිහියෙන් නෙවේ.

ජොආනා එක්ක මෙතනින් පැනලා යන්නෙ කොහොමද කියලා මට අවබෝධයක් තිබ්බෙ නෑ. පැනලා ගියත් ඊළගට අපි යන්න ඕනි කොහෙටද කියන්නත් මං දැනන් හිටියෙ නෑ. දෙවියන්ට, මගෙම ඉෂ්ට දෙවියා වුණ ජේ ජේටත් මාව හොයාගන්න බැරිකමක් නෑ කියලා මං දන්නවා.

The Devil of the DevilsWhere stories live. Discover now