Episode 10

116 36 8
                                    

#The_Devil_Of_The_Devils
Episode 10

ඒත් එක මොහොතක මං නැවතුණා...

"බී... ඕක නවත්තන්න.. පුළුවන් තරම් ඉක්මනට ඔතනින් ඈත් වෙලා යන්න... මං ඔයාගෙන් යදිනවා... ප්ලීස්..."

ජේකබ්... ඔව්... එයා... ඔව් එයාගෙ කටහඬ මට මගෙ හිත ඇතුළෙන් ඇහෙන්න ගත්තා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"ජේ...ජේකබ්? ඔයා?"

"මං කියන දේ අහලා ජේසන් එක්ක පුළුවන් තරම් ඉක්මනට  ඔතනින් එළියට යන්න.. ප්ලීස්.."

එයාගෙ කටහඬ මගෙ ඔළුව ඇතුළෙන් ඇහුණා...

"මො... මොනවාද කියවන්නෙ? ඔයා කොහොමද එයාව දන්නෙ? අනේ මට ඔයාව බලන්න ඕනි... මට ඔයා නැතුව හුගක් පාළුයි... මට හුගක් ඔයාව මතක් වෙනවා... ඔයා දන්නවද මං කොච්චර හිතින් හිත හිත දුක් වින්දද කියලා... මට ඔයාට තුරුල් වෙන්න ඕනි ජේකබ් ප්ලීස් අනේ මං ළගට එන්න මාව දාලා යන්නෙ නෑ කියන්නකෝ..."

කතා කරද්දි නම් හිතලා මතලා උත්තර දෙන්න පුළුවන්.. ඒත් හිතට එන හැම සිතුවිල්ලක්ම විරාමයක් නැතුව එයාට ඇහෙනකොට...

"මං හැමදාම ඔයාගෙ ළගමයි... මං කියන දේ අහලා ඔතනින් එළියට එන්න බබා..."

එයාගෙ කටහඩ මුල් වචන ටික හොදට ඇහිලා අවසන් වචන දෙක තුනේදි කෙමෙන් කෙමෙන් අඩු වෙලා ගියා...

"ජේකබ්..."

මං ඇස් ඇරියා..

"ආව්..."

පොළොවට අඩි දෙක තුනක් විතර උඩින් හිටපු මං ඇස් අරිනකොට බිමට පතබෑවුණා... තට්ටම් ප්‍රදේශය පොළොව සිපගද්දි මං ලැජ්ජාව වහගෙන මෝඩ හිනාවක් දැම්මෙ ඇදුමත් හදාගෙන හරියට ඉදගන්න උත්සාහ කරන ගමන්...

"බොහොම හොදයිනෙ..."

ඊඩ්න් වින්චෙස්ටර් මගෙ ඉස්සරහ හිටගෙන කිව්වා... අගය කරන පාටක් ඒ මූණෙ වගේම කටහඩේ තිබ්බෙත් නෑ...

"එයා ඇත්තටම හොදයි..."

ජේ ජේත් මතුවුණා... මගෙ හිනාව කොහෙටද මංදා කැපුණා...

"අනේ ඒත් එකසිය හතළිස් හතෙන් අපි මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණානෙ..."

The Devil of the DevilsWhere stories live. Discover now