Episode 04

167 42 1
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 04

"දෙවියන් එක්කත් යක්ෂයන් එක්කත් ගනුදෙනු කරන්න පුළුවන් මනස දියුණු කරගත්ත මනුස්සයෙක්ට.. සහජයෙන්ම හැකියාව ලැබුණ මායාකාරයෙක්ට.."

"ඔයාත් ඒ වගේ කෙනෙක්.. බෙලිස්සා ස්ටෑන් ඔයත් මායාකාරයෙක්..."

Previous episode :-

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

මං එයා දිහා බලන් හිටියා. තත්පරයක්.. දෙකක් තුනක්.. කතා කරන්න වචන හොයාගන්න පුළුවන් වෙනකන්..

"ඔයා මාත් එක්ක විහිළු කරනවද?"

මගෙ කටහඬ සන්සුන් විදිහට පිට වුණා..

"නෑ..."

ජේ ජේ ඔංචිල්ලාවෙ පැද්දෙන එක නවත්තලා නැගිට්ටා. මං ඉස්සරහින් ඉදගෙන මගෙ අත් වලින් අල්ලගත්තා.. සාමාන්‍ය මනුස්සයෙක්ගෙ වගේම ඒ දෑත් උණුසුම්.. මං දන්නෑ ඒක වුණේ කොහොමද කියලා.. මගෙ විද්‍යාත්මක දැනුමට ඒක සම්මත වුණෙත් නෑ..

"මං දන්නවා ඔයාට මේ වෙන දේවල් ගැන තේරුමක් නෑ කියලා..  හරිම පැටලිලි සහගත කොහෙත්ම විශ්වාස කරන්නවත් බැරි දේවල් කියලත් මං දන්නවා..ඒත් ඔයා මාව විශ්වාස කරනවා නේද?"

ඒ ඇස් වල තිබ්බෙ ආයාචනාත්මක බැල්මක්...

"එයාලා ඔයාව නම් කරලා තියෙන්නෙ.. මට ඕනි යන්න කලින් ඔයාට ඒකෙ අවදානම තේරුම් කරන්න.."

"කව්ද එයාලා?"

"ඔයා ඉක්මනටම දැනගනියි ඒක..."

"මං මායාකාරයෙක් නම් මට ඒක මනස දියුණු කරගැනීමකින් ලැබුණෙත් නැත්නම් මගෙ අම්මාගෙන්ද තාත්තාගෙන්ද මට ඒ දේ ලැබුණෙ?"

මං ඇහුවෙ අඩමානෙට.. තේරුම් ගන්න බෑ මේ කියන දේවල් මට.. හිතන්න ඔයා සාමාන්‍ය විදිහට සාමාන්‍ය GPA එකකුත් අරන් ජීවිතේ ගත කරන් ඉද්දි හිටපු හැටියෙ ඔයාගෙ ඉෂ්ට දෙවියා මතු වෙනවා.. එයා ඔයාව හොදටෝම බය කරනවා.. ඒ වගේම එයා කියනවා ඔයා මායාකාරයෙක් ය ඔයා ඇතුළු සිය ගාණක් එක්ක ඒගොල්ලො යක්ෂයන්ගෙත් යක්ෂයා එයාලගෙ ලොක්කා කරගන්න හදනවාය කියකා..

ඒ මදිවට මේ මොහොතේ ඔයාගෙ ඉස්සරහින් ඉදගෙන ඔයාගෙ අත් දෙකෙන් අල්ලගෙන පොඩි එකෙක් වගේ මූණ හදාගෙන එබිලා ඉන්නවා කියලත් හිතන්න.. අන්න මේ දැන් ඔයාට තේරෙනවා අහන්න ඕනි වැදගත්ම ප්‍රශ්නෙ..

"දැන් මං මොකද්ද කරන්න ඕනි?"

එයාගෙ ඇස් බැබලුණා..

"මට අහන්න ඕනි වුණෙත් ඕකමයි.. ඔයා මාත් එක්ක යන්න එන්න ඕනි.."

"කොහෙද? මට exams ළගයි ඔයාට තේරෙනවනෙ මං කොච්චර ප්‍රාර්ථනා කරාද කියලා.."

"ඔව් ඇත්තෙන්ම... මට ඒ ගැන හොදටෝම මතකයි.. ඒත් ඔයා මාත් එක්ක යන්න එන්න ඕනි... ඔක්කොම මායාකාරයො එතනට එනවා.. ඔයත් එතන අනිවාර්යයෙන් ගිහින් ඉන්න ඕනි.."

මං ඔළුව වැනුවා.. මට බෑ කීයටවත් විභාගෙ මිස් කරගන්න.. මගෙ GPA එක තව පහළ බැස්සොත් මට උපාධිය හම්බෙන එකකුත් නෑ...

"බෑ..."

"බෑ නෙවෙයි පුළුවන්... ඔයාට exam එකට කලින් එන්න පුළුවන්..."

"ඇයි යක්ශයින්ගෙත් යක්ෂයා දෙවියන්ගෙත් දෙවියා කරන්න හදන්නෙ? මොකද්ද ඒකට හේතුව? ඒක කරන්න ඕනි දෙයක් නෙවේ නේද? ඒක සමස්ථ දේව සංහතියටම ඔයාල කරන අවනම්බුවක්.."

ජේ ජේ ඔළුව වැනුවෙ ලා හිනාවක් මූණෙ තියන්..

"ඔව් ඔයා හරි.. ඒක එහෙම තමා.. ඒත් ඒක තමා වෙන්න ඕනි.."

"ඒක එහෙම වෙන්න ඕනි නෑ.. මං මේකට කැමතිත් නෑ.. ඔයා දන්නවා මං ප්‍රශ්න වලට කැමති නෑ පොඩ්ඩක්වත්.. මගෙ ඉශ්ට දෙවියා නම් මට පාඩුවෙ ඉන්න දෙනවද?"

මං කෙලින් කතා කරා.. ඒකට ප්‍රතිචාරයක් විදිහට එයා මගෙ ඉස්සරහින් නැගිට්ටා.

"කොහෙත්ම බෑ.."

මට මතක එහෙම කියලා එයා මගෙ අතින් අල්ලනවා විතරයි... මේ විකාර ඔක්කොම පටන්ගත්තෙ එතනින්...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

"බෙලිස්සා ස්ටෑන්.. ආධුනික මායාකාරියක්.. වයස අවුරුදු විසි එකයි.."

මං හිටියෙ පෝළිමේ මගෙ අවස්ථාව එනකන්. ඉතින් මේ ඒකයි. ජේ ජේ, මං පස්සෙ එයාගෙ නම දැනගත්ත විදිහට ජේසන් ජෝ මාව අරන් ආවෙ මෙන්න මේ තැනට. අපි හිටියෙ මිනිස්සු එහෙමත් නැත්නම් ජීවී ආත්ම දෙසීයක් තුන්සීයක් හිටපු තැනකට. ඇත්තටම උනේ මේකයි.. එතන හරියටම බාගයක් මිනිස්සුත් ඉතුරු බාගෙ එයාලගෙ ඉශ්ට දෙවිවරුත් හිටියා..

මං මේ බලන් හිටියෙ ආධුනික මායාකාරයෙක් හැටියට මාව ලියාපදිංචි කරනකන්. සුර අසුර යුද්දෙන් පස්සෙ මේකලු මේ සක්වලේ ඇති වෙන්න යන ලොකුම විප්ලවය.. මට ටිකක් එහායින් ආරක්ෂිත ලෙස මගෙ රැවීම් ගෙරවීම් වලට පිටුපාලා ජේ ජේ හිටියා...

ඒත් එක පාරටම ලොකු සද්දෙකුත් එක්ක..

To be continued... 😉

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

මෙහි එන නම් ගම් සියල්ලම මනඃකල්පිත වේ..
ස්තූතියි
Pc : lasindu nirman
,

The Devil of the DevilsWhere stories live. Discover now