Episode 02

310 52 15
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 02

"ජේකබ් ස්ටෑන් ඔයාගෙ කසින් බව ඇත්ත... ඒත් මෙතන ඊට වඩා දෙයක් තියනවා... ඒකමයි මං අද ආවෙ..."

"එතකොට ඔහේ කව්ද මාත් එක්ක මේ දේවල් කතා කරන්න?"

මං ඇහුවෙ වටපිටාව ගැනත් අවදානය යොමු කරලා...අපේ කතාබහ එයාලා නොදකින තරම් නොඇසෙන තරම් කාර්‍යබහුලයි..එයා ලා හිනාවක් දාලා ඔෆීශියල් විදිහට ඉදගත්තා..

" මමයි ඔයාට අයිති ඉශ්ට දෙවියා...මං ආවෙ ඔයාට උදව් කරන්න..."

"මොකක්??????????????"

Previous episode :-

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌  

"ඇයි?"

එයා ඇහුවා...

"මොළේ විකාරද?"

"ඇයි මොකෝ?"

මං දඩිබිඩි ගාලා වටපිට බැලුවා...

"කොහෙද කැමරාව?"

"මොකද්ද?"

මං මෝඩපහේ හිනාවක් දාලා ඔළුව කැරකෙව්වා..

"හරි මං පුදුම වුණා තමයි...කෝ ඒක දැන් ඉවරද කෝ කැමරාව මං හායි කියන්නම්..."

පොර හිනාවෙන්න ගත්තා...

"ඔයා හිතුවද මං හැමතැනම ඇවිද ඇවිද ට්‍රෑප් කරන මනුස්සයෙක් කියලා ඈ? හැබෑට?"

"මේ මට පාඩුවෙ ඉන්න දෙනවද නාකි මිනිහො.. මං මෙතනට ආවෙ වැදගත් වැඩකට.. මං දන්නෑ ඔහේ කොහොම මගෙ නමයි මගෙ බ්‍රේක් අප් එකයි ගැන දැනගත්තද කියලා.."

"මට නාකියා කිව්ව එකට ඔයාට පසුතැවෙන්න වෙයි.."

"මං පසුතැවෙන්නෑ කීයටවත්... ඔහේ මොකටද මෙතනට ආවෙ?"

"මං ආවෙ ඔයාට උදව් කරන්න... ඒ වගේම මට ඔයාගෙන් උදව්වක් ඕනි.."

"අහ්... අන්න මනුස්ස ගතිය.. උදව්වක් බලාපොරොත්තුවෙන් උදව්වක් කරන්නම් කියලා කියනවා.."

"මං ඔයාගෙ ඉශ්ට දෙවියා.. ඔය කොහොමද මට මෙහෙම කතා කරන්නෙ. මේ අහනවා..."

මගෙ ඉශ්ට දෙවියා අව් කණ්නාඩි ගලෝලා බංකුවෙන් නැගිට්ටා...

"පසුතැවෙන්න වෙයි හරිද?"

මං ඇද කරන මූණක් පෙන්නුවට පස්සෙ පොර එක්සිට් එක දිහාවට ඇවිදගෙන ගියා..මං කැමරාවක් හරි එළියට පනින මිනිස්සු ටිකක් හරි බලාපොරොත්තු වුණත් ඒ කිසිම දෙයක් මතුවුණේ නෑ...තවත් එතන ඉන්න අපහසුවක් දැනුණ හින්දම මං නැගිටලා ආවා...

The Devil of the DevilsOpowieści tętniące życiem. Odkryj je teraz