Episode 27

83 30 2
                                    

#The_Devil_Of_The_Devils ☠️
Episode 27

ඒකට හේතුවක් තිබ්බා...

කළු ගවුමකිනුත්, ඇස් කඩා හැලෙන ලස්සනකිනුත් යුක්තව සැබෑ තාරුණ්‍යයේ සංකේතය... ඇස්මොඩීයස්ගෙ රැජිණ...

ඇන්ඩ්‍රියා ඕ වින්චෙස්ටර් සම්ප්‍රාප්ත වෙලා තිබුණා...

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

එයා උදාරම් විදිහට යක්ෂයො දිහාත් අහංකාර විදිහට මායාකාරයො දිහාත් බැලුවා. ඒත් අපේ අය දෑස් පහළට  කරන් නොසෙල්වී හිටියා විතරයි. ඒ අය අතරින් ඇනා එහෙට මෙහෙට දගලනවා මං දැක්කත් මගෙ අවදානෙ වෙනස් වුණේ රැජිණගෙ චලන වලින්.

ඇස්මොඩීයස්ට වම් පැත්තෙන් මැවිලා තිබ්බ උස් සිංහාසනයක ඊළග තත්පරේ එයා වාඩි වෙලා හිටියා. ඍජු ඉරියව්වෙන් ජීවී බවකින් යුක්තව හිටපු එයාගෙ ඇස් කෙලින්ම පිපාසිත ස්වරූපයෙන් මායාකාරයො දිහාවට යොමු වෙලා තිබ්බා.

"රැජිණගේ සම්ප්‍රාප්තිය අපි හැමෝටම ගෞරවයක්"

කොහෙන්දෝ මංදා ඇහුණා.

"ඉක්මනට මේක ඉවරයක් කරපන්"

ඇස්මොඩීයස් කිව්වෙ හෙලවෙන්නවත් නැතුව. ඒ වෙනකොට මං හිටියෙ වම් ද්වාරය ළග. ජේ ජේ රැජිණට එහා පැත්තෙන් අසුන්ගෙන ඉන්න ඒඩ්න් වින්චෙස්ටර් ගාව හිටියා. ඒ වුණාට එයාගෙ ඇස් හැම තත්පරේම මාව ලුහුබැන්දා.

ඉෂ්ට දෙවියෙක් විදිහට මාව රවට්ටපු යක්ෂ උරුමක්කාරයෙක් මට ආදරෙයි කියපු එක ගැන හිතන්න මට මේ වෙලාවෙ කිසිම උනන්දුවක් තිබ්බෙ නෑ. කාටවත් මං එතන ඉන්න එක ගැන අවදානයක් යොමු නොවුණෙ යාගය දිගටම කෙරීගෙන යන හින්දා.

ලෝගු ඇදගත්ත පූජකයො සියගාණක් ස්තෝත්‍ර ගායනා කරමින් හිටියා.

"උන්ව ගෙනෙන්..."

යක්ෂයෙක් අණ කරාම පිසාචයො මායාකාරියක්ව ඇදලා ගත්තා.

අංක එක මායාකාරි, මං නම නොදන්නවා වුණත් මට මූණ මතකයි. සියවසේ උත්සවේදි මං එයාව දැක්කා. පරඩැලක් වගේ එයා පිසාචයන්ට මැදිවෙලා ඉස්සරහට ඇදුනා.

නැහැ... ඒක කරන්න දෙන්න බෑ...

"මොකුත් කරන්න හදන්න එපා"

ජේකබ්ගෙ ගැඹුරු කටහඬ මාව ආමන්ත්‍රණය කරා. මං එයා දිහා බැලුවත් එයා මට හිතින් කතා කලේවත් නැති ගාණට හැගීම් විරහිත රළු දෑසින් ගිනිදළු විහිදෙන පොකුණ දිහා බලන් හිටියා.

මගෙ කේන්තිය මතු වෙන්න ගියෙ මිලි තත්පරයයි. මට අණ දෙන්න? හහ්? මේ මට? දත්මිටි කන ගමන් මං බලන් හිටියෙ ජේකබ් දිහා.

මට දැනුණෙ හරිම තද හැගීමක්. ශක්තිමත් ඍණාත්මක සිතුවිලි පැත්තකට යන හැගීමක්. ඒ කොහෙන්දෝ ඇහෙන වේගවත් ඇග කිළිපොලා යන සංගීතයක් හින්දා. ඝන්ඨාරය එක දිගට නාද දෙද්දි ගිනිදළු සැලුණා. අඩකවයක හැඩේට නිශ්චලව් බලන් ඉන්න ඇස්මොඩීයස් සහ යක්ෂ පාලක මණ්ඩලය ඍජු ඉරියව් වලින් දෑත් උකුල මත තියන් බලන් හිටියා.

පහළ හිටපු දහස් ගණන් යක්ෂයො කෑගහන්න ගත්තා. ඒක ජයඝෝශාවක්. මං දන්නෑ අපේ කිසිම කෙනෙක් ඉස්සරහට් එන්නෙ නැත්තෙ ඇයි කියලත් මායාකාරි තමන්ගෙ බලය පාවිච්චි කරන්නෙ නැත්තෙ ඇයි කියලත්.

හුළගේ වේගය එන්න එන්නම වැඩි වුණා... ගිනිදළු විහිදෙන පොකුණ ළග අංක එක මායාකාරි හිටගෙන හිටියෙ හැගීමකින් තොරව. හරියට තව සුළු මොහොතකින් එයාගෙ මරණය සිද්ධ වෙන්නෙ නෑ වගේ. එයාට පිටිපස්සෙන් මායාකාරයන්ගෙ දෙපැත්තෙන් තිබුණ ලෝදිය පොකුණු ළග  පූජකයො සීයක් විතර ස්තෝත්‍ර ගායන කරා. මේ හැමදේම පේන වම් ද්වාරය ළග කණුවකට මුවා වෙලා මම හිටගෙන හිටියා.

එක පාරටම ගිනිදළු බුර බුරා නැගෙන්න පටන්ගත්තා. මගෙ හදවත වේගෙන් ගැහෙද්දි මායාකාරි ඉස්සරහට අඩියක් තිබ්බා.

ඇයි... ඇයි එයා බලය පාවිච්චි කරන්නෙ නැත්තෙ... ඇයි එයා උත්සහයක්වත් දරන්නෙ නැත්තෙ...

එයා තවත් අඩියක් ඉස්සරහට තියද්දිම...

To be continued... 😉

❌❌   ❌   ❌   ❌   ❌   ❌   ❌

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත වේ.

Pc:- Lasindu Nirman

The Devil of the DevilsWhere stories live. Discover now